Difference between revisions 213689 and 213693 on siwiki

<big><big><big>හැඳින්වීම</big></big><big>

<big>ජේසුස් ස්වාමින් වහන්සේගේ දිව්‍ය හෘදයේ මංගල්‍යය වනාහී ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ පටන් කතෝලික බැතිමතුන් අතර ඉතා ජනප්‍රිය වූ භක්ති අභ්‍යාසමය මංගල්‍යයකි. මෙය කතෝලික සභාව තුළ පමණක් නොව සමහර ඇග්ලිකානුවන් හා ලූතරානුවන් අතර ද ජනප්‍රිය වූවකි. දිව්‍ය හෘදයේ භක්තිය හුදෙක් යාච්ඤා මෙහෙයක් පමණක් ම නොව ජේසුස් වහන්සේගේ අති අමිල ප්‍රේමය, සානුකම්පිත බව හා මානව වර්ගයා කෙරෙහි වූ ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ වන දුක්වේදනාව යනාදිය භාවනා කිරීම, ඊට ප්‍රතිකාර කිරීම හා ඔවුන් වහන්සේගේ ප්‍රේමයේ අත්දැකීමට සහභාගි(contracted; show full)

ක්‍<big>රිස්තු වර්ෂ 1675 ජූනි 16 දින නැවත දර්ශනය වූ ජේසුස් වහන්සේ තම දිව්‍ය හෘදය නැවත මාර්ගරීටා තුමියට අනාවරණය කරමින්, "මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළ හෘදය බලන්න! එහෙත් මිනිස් වර්ගයාගෙන් වැඩි වශයෙන් මට ලැබෙන්නේ නොසැලකිල්ල හා අවමානය" යි වදාළ සේක. එබැවින් ඊට ප්‍රතිකාර වශයෙන් කතෝලික සභාවේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයෙන් පසුව සිකුරාදා දින විශේෂ සූදානමකින් යුතුව දිව්‍ය හෘදයේ මංගල්‍යය පවත්වන ලෙස නියම කළ සේක.</big>

 <big><big>
<big>ශුද්ධාසන අවසරයන්</big></big></big>
<big>දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය වඩාත් ජනප්‍රිය වූයේ විශේෂයෙන් පැවිදි නිකායන් හා සංඝ අතර ය. ක්‍රිස්තු වර්ෂ 1693 දී නිකුත් කළ ශුද්ධාසන ආඥාවකින් මෙම භක්ති අභ්‍යාසයේ නිරත වන අයට "පූර්ණ ඵල"[1] හිමි වන බව ද ප්‍රකාශ විය. ක්‍රිස්තු වර්ෂ 1720 දී ප්‍රංශයේ මාර්සෙල්ස් [Marseilles] නුවර ඇති වූ දරුණු මහාමාරිය වසංගතය[2] සමයේ දී පැවිදි නිකායන්ගෙන් පරිබාහිරව සාමාන්‍ය කිතුනු පවුල් අතර ද දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය ව්‍යාප්ත වී ගියේ ය. මෙම භක්ති අභ්‍යාසය කරණකොටගෙන නොබෝ දිනකින් එම වසංගතය දුරු වී ගිය බැවින් සෙස(contracted; show full)යක් හිමි වන බව ප්‍රකාශ ‍කළේ ය. තවද, ජේසුස් වහන්සේ තම දිව්‍ය හෘදය පෙන්නුම් කරමින් මාර්ගරීටා මරියා තුමියට තමන් වහන්සේව අනාවරණය කර, "දිව්‍ය හෘදයේ මෙම භක්ති අභ්‍යාසය නිසි ලෙස නිතිපතා පවත්වමින් තමන් වහන්සේගේ දිව්‍ය හෘදයට ගරු නමස්කාර කරන අයව ස්වර්ගීය විපුල වරප්‍රසාද වලින් පරිපූර්ණ කරන බව" පොරොන්දුවක් දී ඇති බව ද සහතික කළේ ය. තවද, 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා ද ජේසු නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ජනරල් පියතුමා වන ගරු හෑන්ස් කොල්වෙන්බාක් වෙත යැවූ ලිපියක ද දිව්‍ය හෘදයේ භක්ති වන්දනාවේ වැදගත්කම අවධාරණය කොට ඇත.


  </big>





<big>විශාල පෙළ</big>
<big><big>ශ්‍රී ලංකාවේ දිව්‍ය හෘදයේ බැතිය</big><big></big>

<big>ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය භක්ති අභ්‍යාසය ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූවකි. ශ්‍රි ලාංකේය කතෝලික සභාවට අයත් බොහෝ මීසම් වල දිව්‍ය හෘදය භක්තිය සෑම සිකුරාදා දින වල දී ම සිදුවේ. සෑම කතෝලික දේවස්ථානයක ම වාගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවක් හෝ පින්තූරයක් දැකිය හැකිය. බොහෝ කතෝලික මීසම් වල දිව්‍ය හෘදයේ සමිතිය නම් වූ විශේෂ ධර්මදූත සංගමයක් ද දැකිය හැකිය. සෑම මාසයක ම පළමු බ්‍රහස්පතින්දා දින එහි සාමාජිකයන් රැස්වී ශුද්ධ වූ පැය හා දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය පවත්වති.</big> 

(contracted; show full)
[2] ප්‍රංශයේ මාර්සෙල්ස් නුවර පුරා පැතිර ගිය මෙම දරුනු වසංගතයෙන් ලක්ෂයක් පමණ දෙනා මරණයට  පත් වූහ.
[3] Annum Sacrum යනු, ශුද්ධ වූ වර්ෂය යන අර්ථය දෙයි.
[4] Miserentissimus Redemptor යනු ක්‍රිස්තු වර්ෂ 1928 මැයි 8 වන දින 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා නිකුත් කළ විශ්ව හසුන්පතකි. දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය හා ඊට ප්‍රතිකාර කිරීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳ මෙහි විස්තර වේ.