Difference between revisions 225656 and 225657 on siwiki''' ෆිලිප් උපාලි විජේවර්ධන''' (1938–1983) විසිවන සියවසෙහි මෙරට බිහිවූ විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකිකයන් අතර ස්වකීය නාමය රඳවා තැබීමේ භාග්‍ය ලද උපාලි විජයවර්ධනයෝ ශූර ව්‍යාපාරිකයකු පමණක් නොව පුළුල් සමාජ ආර්ථික හා දේශපාලන දැක්මකින්ද පිරිපුන් දුලබ සංස්කෘතික ප්‍රාඥයෙක් ද වූහ. උපාලි විඡේවර්ධනයන්ගේ ව්‍යාපාරික ඥනය සිය පරපුරෙන් ලද සහජ උරුමයක් මෙන්ම ජගත් ව්‍යාපාරික ක්ෂේත්රයෙන් ලද සාර අත්දැකීම් හා ඥන ගවේෂණයෙන්ද පරිසමාප්ත වූවක් විය. ඔහුගේ ව්‍යාපාර මෙහෙයුම් අසාමාන්‍ය වූ බව ඔහුගේ සමකාලී(contracted; show full) ඇතැම් දේශපාලන බලධාරීහු උපාලි විජයවර්ධනයන් නොඉවසූහ. එමතු නොව ඇතැම්හු සිය මන්ත්‍රීවරප්‍රසාද වලට මුවාවෙමින් ඔහුට නොයෙක් අවමන් හා ගැරහුම් ද කළහ. දේශපාලන වේදිකාවලදී මෙන්ම පාර්ලිමේන්තුවේදීත් තමන්ට එල්ලවන ප්‍රහාර නොතකා සිටීමට පමණක් නොව ඒවා සිය පුවත්පත් වන දිවයින හා අයිලන්ඩ්හි පළවනු දැකීමටත් ඔහු රිසිවිය. අධිෂ්ඨානශීලි මිනිසකු දුබල දේශපාලන ප්‍රහාරයකින් පසු බැස්ස නොහැකි බව ඔහුගේ එම ප්‍රතිචාර මගින් අපට ප්රත්යක්ෂ විය. ⏎ ⏎ ඡේ. ආර්. යුගයේ ප්‍රබල දේශපාලන චරිත දෙකක්ම ඔහු සමග බොහෝ අවස්ථාවල ගැටුණහ. වරක් එබඳු සිදුවීමක් අළලා එකල ප්‍රකට දේශපාලන පත්‍රයක් වූ "ඇත්ත" පත්‍රයෙහි කාටුනයක් ඇඳ තිබිණි. විජයවර්ධන මහතා එම කාටුනය දිවයිනේ ප්‍රථම කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට පෙන්වා ඉංග්‍රීසියෙන් පවසා ඇත්තේ "මෙහි උපහාසය තියෙන්නේ මෙම වැකියේ" යයි යන්නය. එසේ කියා ඔහු මහ හයියෙන් සිනාසුණු බවද රණසිංහ මහතා අප සමග පවසා ඇත. උපාලි විජයවර්ධන යනු අතිශයින් දුර්ලභව දේශයකට සමාජයකට පහළ විය හැකි ප්රාඥයකු ලෙස මම දකිමි. හේ කිසිවිටෙක ව්‍යාපාර අධිරාජ්‍යය නමැති සීමා තුළ රැඳෙන්නටද රිසි නොවූහ. සමාජය හා මනුෂ්‍යත්වය පිළිබඳ දයාවෙන් හා ආදරයෙන්ද පෝෂණය වූ ගැඹුරු දර්ශනයක් ඔහුට විය. ජාතිකත්වය හා දේශප්‍රේමිත්වය ඔහුගේ සුවිශේෂ ගුණයක් වුවද ඔහු තුළ ජාති, කුල, ආගම්, දේශ වැනි සීමා නොවීය. නිදහසේ ගුවන සරණ පක්ෂිරාජයකු මෙන් ඔහු අනන්ත විශ්වයෙහි සැඟවී ගොස් ඇතැයි මට හැඟේ. ගාමිණී සුමනසේකර දිවයින හා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ [[Category:ව්‍යාපාරිකයෝ - ශ්‍රී ලංකා]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=225657.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|