Difference between revisions 232470 and 232472 on siwikiකටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා
නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
කොළඹ කොටුව බළල් මසුත් ගිනි ගණන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා
රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා
එක්වැ සිටි පිරිස මතුරා විස ද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමෙත් ගියා නැති වුණා...”
පුතුන් නැසීමට කුමන්ත්‍රණය කළ හය වැනි විජයබාහු රජු (ක්‍රි. ව 1509 – 1521) ඒ පුතුන්ගේ ප්‍රති කුමන්ත්‍රණයෙන් ඝාතනය වීමෙන් පසු එසේ බෙදී ගිය කෝට්ටේ පාලනය කරන ලද්දේ ඔහුගේ වැඩිමහල් පුත් බුවනෙක බාහු විසිනි. රයිගම් රාජධානිය මායාදුන්නේ නම් පුතු යටතේ ද, සීතාවක රාජධානිය රයිගම් බණ්ඩාර නම් පුතු යටතේ ද පාලනය විය.
ඓතිහාසික මූලාශ්‍ර අනුව මායාදුන්නේ රජුට පුතුන් සතර දෙනෙකු සිටි බව පෙනේ. ඒ නම් තිඹිරිපොළ බණ්ඩාර, රජ්ජුරු බණ්ඩාර, සන්තාන බණ්ඩාර හා ටිකිරි බණ්ඩාර ය. මොවුන් අතරින් බාල ම කුමරුවා ටිකිරි බණ්ඩාර වුව ද මායාදුන්නේ රජුගෙන් පසු පළමු වැනි රාජසිංහ නමින් සීතාවක රාජධානියේ රජු වූයේ ඔහු ය. සීතාවක සිංහයා නමින් ද විරුදාවලි ලද ඔහු කුඩා කල හැඳින් වූණේ ටිකිරි කුමරු යනුවෙනි.
කුඩා අවධියේ දී ම ඔහු තුළ වූ නිර්භීත ගුණය හා දක්ෂතාව ගැන උදාහරණයක් වශයෙන් මහ වාසල හස්තියා මෙල්ල කිරීමේ කතා පුවත දැක්විය හැකි ය. හිටි හැටියේ ම කිසිවකුවත් මෙල්ල කළ නොහැකි ආකාරයෙන් ප්‍රචණ්ඩත්වයට පත් ඇතා ගැන රජු ඇතුළු සියල්ලන් ම සිතුවේ ඌව පිස්සු වැටී ඇති බවකි. එහෙත් ඇත් වෙදුන්ගේ මතය වූයේ ඇතාට පිස්සු නැති බව ය.
අවසානයේ දී පිස්සු ඇතාට විලංගු ලා තවත් ඇතුන් සතර දෙනෙකු යොදා එක් ස්ථානයකට ගෙනවුත් එහි රඳවා තැබුවේ ඉතා අසීරුවෙනි. කිසි ම ඇත් ගොව්වෙකුට ඌ හීලෑ කරගෙත නොහැකි වූ නිසා මායා දුන්නේ රජු කෙළේ ඊට සමතකු වේ නම් ඉදිරිපත් වන ලෙස නිවේදනය කැරැමින් අණ බෙර ලැවීම ය.
අණ බෙරකරුවන් නතර කැරැවූ ටිකිරි කුමරු ඇතා මෙල්ල කිරීමට ඉදිරිපත් වූයේ පිය රජුගේ අකමැත්ත ද පසෙකට දමමිනි. ඇතා රඳවා තිබුණේ උස් පුවක් ගසක් අසල ය. නොබිය ව එහි ගිය ටිකිරි කුමරු පුවක් ගසේ අඩක් පමණ ඉහළට නැඟ ඇතාගේ පිටට පැන්නේ ය. ඉන් කෝපයට පත් ඇතා කුමරු බිම හෙලන්නට කොතෙක් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඉක්බිති ඌ කුමරු පිට මත සිටියදී ම විලංගු බිඳගෙන වේගයෙන් දුවන්නට විය. එසේ දුවන ඇතා කවර උපක්‍රමයෙන් හෝ මෙල්ල කොට නතර කැරගන්නට ටිකිරි කුමරුට හැකි වූයේ ය.
ඒ වන විට ඇතා කුමරුට හීලෑ වී සිටි නිසා පිටින් බිමට බැස හොඬවැල පිරිමදින්නට පවා ඔහුට ඉඩ දුන්නේ ය. ටිකිරි කුමරු සෑම අවි සරඹයක ම අති විශිෂ්ට දස්කම් පෑවේ ය. අසුන් මෙහෙයැවීමෙහි ද විස්මිත නිපුණත්වයක් පෑ ඔහු වේගයෙන් දිව යන අසකුගේ පිටට පනිනන්ට තරම් සමතකු වූ බව කියනු ලැබේ.
සරඹ පිටියට ගොස්
ටිකිරි බණ්ඩාර රාජසිංහ නම් වූ මේ අසමාන රණශූ®රයා මායාදුන්නේ රජුගෙන් පසු ක්‍රි. ව. 1581 දී පළමු වැනි රාජසිංහ නමින් සීතාවක රාජ්‍යයේ කිරුළු පැළැන්දේ ය. එහෙත් ඔහු ඉතිහාස ගත ව ඇත්තේ මායාදුන්නේ රජු ඝාතනය කොට රජකම ලබාගත් පීතෘ ඝාතක රජකු හැටියට ය.
ඇතැම් ඉතිහාසඥයකුගේ මතය වී ඇත්තේ සීතාවක රාජසිංහ රජුට එල්ල කරනු ලබන පීතෘ ඝාතක චෝදනාව ඔහු අපකීර්තියට පත් කිරීම අරමුණු කැරැගත් නවකතාවක් බව ය.
ඇතැම් ජනප්‍රවාදයක් අනුව කියැවෙනුයේ ටිකිරි කුමරු අතින් නොදැනුවත් ව, වැරැදීමකින් මායාදුන්නේ රජු ඝාතනය වූ බව ය. එක් ජනප්‍රවාදයක එය සඳහන් වනුයේ මෙසේ ය. දක්ෂ සටන්කරුවකු වූ ටිකිරි බණ්ඩාර කුමරු සටන් පුහුණු වන ආකාරය කුමරුට නොදැනෙන සේ නරඹන්නට සිතූ රජු එක් දිනක් සරඹ පිටියට ගොස් එහි වූ පිදුරු ගොඩක් තුළ සැඟ වී එය බලා සිටියේ ය. රජු එසේ කෙළේ කුමරු දැනුවත් ව සටන් පුහුණුව නරඹන්නට ගියහොත් නියම සටන් විලාසය දැක ගන්නට නොලැබෙනු ඇතැයි සිතූ හෙයිනි.
පුරුද්දක් වශයෙන් කුමරු පුහුණුව අවසාන කැරැනුයේ අවට ඇති කිසිවක් වෙත වේගයෙන් පැන කඩු පහර දීමෙන් හෝ කඩු මූණතින් ඇනීමෙනි. එ දින කුමරුගේ මේ අවසන් අභ්‍යාසය එල්ල වූයේ අසල වූ පිදුරු ගොඩට ය. ඔහු නොදැන එල්ල කළ ඒ කඩු පහරින් රජු ඝාතනය විය.
තවත් ජනප්‍රවාදයක් අනුව කුමරුගේ සෙසු සහෝදරයෝ ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ හ. ඊට හේතු වූයේ ඔවුන් ගැන නොතකා ටිකිරි කුමරුට රජකම දීමට රජු සැලැසුම් කිරීම ය. එක් දිනෙක රැයෙහි තමා ඝාතනය කරන්නට සොහොයුරන් සැරැසෙන බවට තොරතුරු සැළැ වූ කුමරු මාලිගයේ කිසියම් තැනක සැඟ වී ඝාතකයන් ඝාතනය කිරීමට සූදානමින්් සිටියේ ය. කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු කන වැකුණු මායාදුන්නේ රජු ද රහසේ ඒ අසල සැඟ වී සිටියේ කුමාරයාගේ ආරක්ෂාව සඳහා ය.
එහෙත් එසේ අඳුරේ සැඟ වී සිටි රුව ඇස ගැසුණු කුමාරයා ඒ තමා ඝාතනය කිරීම සඳහා රැක සිටින ඝාතකයෙකැයි සිතා වේගයෙන් ඔහු වෙත පැන කඩු පහරක් එල්ල කෙළේ ය. මායාදුන්නේ රජු ඒ කඩු පහරින් මිය ගියේ ය.
මේ ජනප්‍රවාද අනුව ද සනාථ වන එක් කරුණක් නම් දැන හෝ නොදැන හෝ ටිකිරි බණ්ඩාර රාජසිංහ කුමාරයා අතින් මායාදුන්නේ රජුගේ මරණය සිදු වූ බව ය. ඒ අනුව තමා අතින් පියා ඝාතනය වී යැයි යන හැඟීමෙන් ඔහුට අත්මිදිය නො හැකි ය. එක එල්ලේ ම ඔහු පීතෘ ඝාතකයකු බවට චෝදනා කරන මහාවංශය ඉන් පසු ඔහු තුළ ඇති වූ පෙරැළිය මෙසේ විස්තර කරයි “.... සීතාවක නුවර රාජසිංහ යැයි ප්‍රසිද්ධ වූයේ ස්වල්ප කාලයක් බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න ව කුසල් කරන්නා වූ ඒ රජ තෙමේ එක් දිනක් දන් දී භය ඇතිව “පීතෘ ඝාතක කර්භය මම කෙසේ නසම් ද ? යි මහ තෙරුන් විචාලේ ය”
“එකල්හි විසාරද වූ ස්ථවීරයෝ දුර්බුද්ධි වූ ඕහට ධර්ම දේශනා කොට දුෂ්ට වූ සිත සතුටු කරන්නට නොහැකි වූහ. ‘කරන ලද පාපය නසන්ට නොහැක්කැ’යි යන වචනය ඇසුයේ දණ්ඩෙන් ගසන ලද කෙණෙහි කිපී නයකු සේ වූයේ ශිව භක්තිකයන් ද පිළිවිස ‘හැකිය’ යි කියන ලද වචනය අමෘතයක් සේ අසා ඇඟ අළු හා ශිව භක්ති ගෙන බුද්ධ ශාසනය නසන්නේ භික්ෂු සංඝයා ද මරවමින්, ධර්ම පුස්තක දමන්නේ, ආරාමයන් ද බිඳුවා ස්වර්ග මාර්ගය වැසුයේ ය.”
ඇමැති පදවියට
රාජසිංහ රජු ශිව භක්තිකයකු කිරීමට මුල් වූයේ එවකට ඉන්දියාවෙන් ලංකාවට පැමිණ සිටි ආරිට්ඨකී වෙණ්ඩුප්පෙරුමාල් නමින් හැඳින්වුණු ආඬි ගුරෙකි. රජු පීතෘ ඝාතක පාප කර්මයෙන් ගලවා ගැනීම සඳහා ඔහු කැලණි ගඟ මැද පහුරු බැඳ සිය අනුගාමික ආඬින් යොදාගෙන තුන්මසක් පුරා මහා යාගයක් පැවැත්වී ය. රාජසිංහ රජු සීතාවක රාජ්‍යය පුරා වූ වෙහෙර විහාර විනාශ කරමින් සංඝයාවහන්සේ ඝාතනය කෙළේත්, ධර්ම ග්‍රන්ථ සිය ගණනින් ගිනි තැබූවේත් අරිට්ඨකී වෙණ්ඩුප්පෙරුමාල්ගේ උපදෙස් අනුව ය.
රජු ඔහු කෙරෙහි කොතරම් ප්‍රසාදයට පත් වුයේ ද යත් මනම්පේරි මොහොට්ටාල යන නම්බු නාමය දී සිය අග්‍ර පුරෝහිත හෙවත් මහ ඇමැති පදවියට ඔහු පත් කැරගත්තේ ය. රජුගේ ඥාති දියණියක විවාහ කැරැ ගැනීමේ භාග්‍යය ලත් හෙතෙම ඒ මඟින් රාජකීයයකු බවට ද පත් විය. “සොළී රටින් ආඬි ඇවිත් උන් අරිට්ඨකීවේන්ඩු පෙරුමාල් කියන අයට මනම්පෙරුම මොහොට්ටිකමුත් දී රාජ හෙට්ටියාගෙ දුව යකඩ දෝලියට අරගෙන උන්නාහ” යි මේ ගැන රාජාවලිය සඳහන් කරයි.
කොළඹට පලායාම
නිර්භීත නරපතියකු වූ පළමු වැනි රාජසිංහ රජුගේ එක් අරමුණක් වුයේ පෘතුගීසි උවදුර මුලෝත්පානය කිරීම වුව ද ඔහුගේ ඒ ව්‍යායාමය සාර්ථක වූයේ නැත. ඔහුගේ තවත් අරමුණක් වූයේ රටේ සෙසු රාජ්‍යයන් ද සිය පාලනය යටතට පත් කැර ගැනීම ය. ඒ අනුව එවකට කන්ද උඩරට පාලකයා වූ කරලියැද්දේ බණ්ඩාරට එරෙහි ව 1582 දී සටන් මෙහෙය වනු ලැබී ය.
සෙංකඩගල බලවතකු වූ වීරසුන්දර බණ්ඩාරගේ ද සහාය ඇතිව කන්ද උඩරට යටත් කොටගෙන සීතාවක රාජ්‍යයට ඈඳා ගැනීමට ඒ සටනේ දී රාජසිංහ සමත් විය.
ඉක්බිති ඔහු තමා යටතේ එහි පාලන කටයුතු වීරසුන්දර බණ්ඩාරට පැවැරී ය. එහෙත් කල් යත් ම ප්‍රාදේශීය පාලකයකු වශයෙන් පමණක් සෑහීමට පත් නොවූ වීරසුන්දර බණ්ඩාරගේ අභිලාෂය වූයේ කන්ද උඩරට පාලනය තනිව ම සියතට ගැනීම බවට තොරතුරු රාජසිංහට සැල විය. ඔහුගේ ශාසන විරෝධී ක්‍රියාවන් නිසා මහා සංඝයාගේ අභිලාෂ වූයේ ද වීරසුන්දර බණ්ඩාර වැන්නකු රජවනු දැකී ම ය.
රාජසිංහ රජු මේ ප්‍රශ්නය නිරාකරණය කෙළේ වීරසුන්දර බණ්ඩාර උපායෙන් සීතාවකට ගෙන්වා ගෙන එසේ එන ගමනේ්දී ඔහු බොරුවළක ලා මරණයට පත් කිරීමෙන්ය.
එහෙත් රාජසිංහ රජුගේ විනාශයට මුල වූයේ ද වීරසුන්දර බණ්ඩාර එසේ අමානුෂික අන්දමින් ඝාතනය කිරීම බව ඉන් පසු පෙළ ගැසුණු සිදුවීම් අනුව පෙනේ.
රාජසිංහගෙන් සිය පියා කෲර අන්දමින් මරා දැමීමේ පළිය ගැනීමට අධිෂ්ඨානය කැරැගත්, වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර කොළඹට පලා ගොස් පෘතුගීසීන්ට එකතු වී කිතු සමය වැලැඳගෙන ඕස්ට්‍රේලියාවේ දොන් ජුවන් නමින් බෞතීස්ම ලැබී ය.
රාජසිංහ රජුගේ විරුද්ධවාදියකු වූ යමසිංහ බණ්ඩාර ද ඒ වන විට සිටියේ පෘතුගීසීන් සමඟ ය.
ඔහු දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබ සිටියේ ය. පෘතුගීසි පෙළඹීම මත රාජසිංහ රජුට එරෙහි ව සටනට සූදානම් වෙමින් සිටි යමසිංහ බණ්ඩාරට ඔවුන්ගේ ඉල්ලීම අනුව කොනප්පු බණ්ඩාර ද එක් විය. ඒ සටනින් රාජසිංහ රජුගේ සේනා පරාජයට පත් කළ යමසිංහ බණ්ඩාර පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව සෙංකඩගල රාජ්‍යයේ රජු වශයෙන් කිරුළු පැළැන් දේ ය.
පෘතුගීසීන්ගේ උපාය වූයේ පළමු ව යමසිංහ බණ්ඩාර සෙංකඩගල සිංහාසනාරූඪ කොට එහි පෘතුගීසී බලය තහවුරු කැර ගැනීමෙන් පසු දෝන කතිරිනා කුමරියට රජකම පැවැරීම ය.
පෘතුගීසීන්ගේ මේ යටිකූට්ටු උපාය ගැන ඉව වැටුණු කොනප්පු බණ්ඩාර වස දී යමසිංහ බණ්ඩාර මරා රජකම ලබා ගත්තේ ය. පසු ව යළිත් බුදු සමය වැලැඳගත් ඔහු පෘතුගීසීන්ට එරෙහි විය.
පෙතන්ගොඩ උද්‍යානයට
කන්ද උඩරට රජු වශයෙන් දොන් පිලිප් හෝ දොන් ජුවාන් හෝ නොඉවසූ රාජසිංහ රජු කොනප්පු බණ්ඩාර රජුට එරෙහිව යළිත් කන්ද උඩරට ආක්‍රමණය කෙළේ නැවත වරක් ඒ රාජ්‍යය තමන් යටතට ගැනීමේ අභිලාෂය පෙරදැරි කොට ගෙන ය.
එහෙත් රාජසිංහ රජුගෙන් සිය පියා ඝාතනය කිරීමේ පළිය ගන්නට සපථ කොට සිටි කොනප්පු බණ්ඩාර පරාජය කිරීම සිහිනයක් පමණක් විය. රාජසිංහ රජු ඇතුළු සේනාවට බලන දුර්ගයේ දී සිදු වූයේ අන්ත පරාජයකට මුහුණ දී මහත් විනාශයකට පත් ව පසු බසින්නට ය.
අන්ත පරාජයක අවමානය නිසා උපන් දැඩි සිත් වේදනාවෙන් පීඩිත ව පසු බසින රාජසිංහ රජු ඒ අතරමඟ දී රුවන්වැල්ලට සමීප මත්තමගොඩ පිහිටි පෙතන්ගොඩ උද්‍යානයට පිවිසි බව සහ එහි දී විස උණ කටුවක් පතුලේ ඇනී මරණයට පත් වූ බව ඉතිහාසයෙහි මෙන් ම ජනප්‍රවාදයෙහි ද සඳහන් ය.
සොඳුරු පෙතන්ගොඩ උයනට වැඩියා ය
නපුරු උණ කටුව පතුලේ ඇනුණා ය
එක් ව සිටි සැවොම වට කොට මතුළා ය
රාජසිංහ දෙවි නාමේ මැකුණා ය
යන ජන කවිය එය විචිත්‍ර ව විස්තර කරයි. එහෙත් තතු දන්නවුන් පවසනුයේ උණ කටු විෂ රහිත බව ය.
ඉන් අසාධ්‍ය තත්ත්වයක් ඇති නොවිය හැකි බව ය. රජු මිය යන්නට ඇත්තේ නාගයකු දෂ්ට කිරීමෙන් බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය යි.
මුනුබුරාගේ කෝන්තරය
කටු උණ පඳුර අවට ප්‍රදේශය අදත් නාගයින්ගේ වාස භූ®මියක් ව ඇතැයි ඔවුහු කියති.
උයනට පිවිසි පිරිස අතර රජු සමඟ කෝන්තරයකින් පසු වූ ඔහුගේ මුනුබුරකු වන රාජ්සූර්ය කුමාරයා සහ පෙම් බැඳි යුවතියගේ පියා වූ දොඩම්පේ ගණිතයා නම් මන්ත්‍රකරු ද සිටි බව කියනු ලැබේ.
රජු සමඟ මුනුබුරාගේ කෝන්තරයට හේතු වූයේ තමා පෙම් බැඳි සුරූපිය රජු විසින් බලෙන් ගෙන යනු ලැබ කිසියම් තැනෙක තබාගෙන ඇසුරු කිරිම ය.
රාජ්සූර්ය කුමාරයා විසින් දොඩම්පේ ගණිතයා ලවා තුවාලයේ විෂ බැන්දවීම නිසා රජු මිය ගිය බව ජනප්‍රවාදයේ සඳහන් ය.All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=232472.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|