Difference between revisions 242118 and 242119 on siwiki

ලාංකේය සාහිත්‍යය ඔහු ගොඩනඟන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,
 
එක්දහස් නවසියය හැත්තෑ අටේ,පෙබරවාරි අට වන දින මහනුවර දිස්ත්‍රීක්කයේ ,කුණ්ඩසාලේ,නත්තරංපොත ගම්මානයේ උපත ලබන සමිත බණ්ඩාර අටුවබැන්දෑල ගුරු ගෙදර කරගන්නේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයයි,කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම් ඒ (m a)උපාධිය සම්පූර්ණකරන මේ අපූරු නිර්මාණ කරුවා "සංසාර මාවත" කෘතිය හරහා පාඨක සිත් තම වසඟයට ගනියි..පහත දැක්වෙන්නේ එම කෘතියේ එන රස මුසු තැන් කිහිපයකි,

 දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට,


බොර ඇළෙන්

යටිපතුල් දොවා ගත්තා

වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ

කන්ද උඩින් එබී

පෘථිවිය දිහා බැලුවා.

හැමදාම

අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා



කටුඉඹුල් පතොක් ගස් පීර පීරා

කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්

ආයෙමත් එක මොහොතක

අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය

හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට

පැන ඇවිත් පිපාසය

ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.

කිරි දුන්නෙ මේ අපට

නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම

සුදු පාට රටහුණු මල් පිපුණාම

ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ

පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ

නුඹයි මිස්


අවසන් සීනුව

වැදුණු පසු

නළ ළිඳක් වෙලා

හදවතේ පතුලින්ම වතුර ඇද ඇද

ශිෂ්‍යත්ව පන්තියේ පාත්තියට

හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට

බඩගින්න

බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන

ළමුන් පෙනුණේ

නුඹට විතරද මිස් ?

බත් පතින් ත්‍රීපෝෂ අරගෙන

කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්

ඉස්කෝලෙ කිරි ගහේ

පාත අත්තක

ගමට ම පනා මලක් පිපුණා

සමනළුන් කෝටියක්

ඉගිළුණා නුඹෙ සිතේ

ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්

අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී

ඇයි මහා වැස්සක්

ඔය ඇහේ අද

මේ බලන්ට

අපි ඔක්කෝම

දහයෙන් එකොළහට පාස් වුණා මිස්

කොයි සල්පිළෙන් නෙළා ගත්තාද 

මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්

ගැලවිලා බිම වැටුණා තමයි.

කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත

අනේ අපට පෙන්නන්ට මිස්

ඒදණ්ඩෙන් එගොඩ වෙලා

දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට

ඒ අතින් මේ කවිය

තනියට ගෙනියන්ට මිස්.




මේ සංසාර මාවතේ එන තවත් රස පිරුණු අපූරු සිත්තමකි...

 දේවදත්තගේ ගාථා පහ !..


මුහුණ සමග නොව

නුඹ වහන්සේ සමග තරහින්

මම මගේ නහය කපා ගතිම්
(contracted; show full)ඉන්න තැනකින්

එළියට එනවාද අද හෙටම


කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත"

කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්‍රමාණයකි,