Difference between revisions 243822 and 243827 on siwiki

අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ '''දුක්ගන්නාරාළලා''' නමින්{{citation needed}}. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් '''අප්පුහාමි''' යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක "මහත්තයා, නිලමේ" යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි. මේ හේතුව නි(contracted; show full)

මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයකි. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකිය. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයකි. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙනි. 


ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය නැමති විකිපීඩියා ලිපිය ඇසුරෙනි

==මූලාශ්‍ර==
{{cite book|last=විමලානන්ද|first=තෙන්නකෝන්|title=උඩරට මහ කැරැල්ල|year=1962|publisher=ඇම්.ඩී. ගුණසේන|location=කොළඹ|isbn=955-211-968-X|pages=227 - 229, 325}}

•නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ

[[en:Appuhamy]]