Difference between revisions 359755 and 359771 on siwiki

==සිංහලේ==
පුරාණ සංස්කෘත පොතපතේ මේ දිවයිනට සදහන් වෙල ඇත්තේ සිංහලයින්ගේ දූපත යන අරුත ඇති සිංහලද්වීප යන නමිනුයි.මේ නම දැරූ මිනිස්සු ඉතිහාසගත මුල් ම  අවධියේ පටන් ම මේ දිවයිනේ හිටියා.දැන් කාලේ පිටරට ජනයා මේ දූපත අදුන්වන්නේ  'සිංහල' පදයෙන් බිඳිලා ආපු නමකිනු යි.
                                                                                                       
                                                                                                           ලොකයේ වෙනත් ජනතාවන් පිළිබදව වගේ ම සිංහලයනුත් තමන්ගෙ මුල ගැන පවසන කතාපුවත් නොයෙක් අන්දමේ අද්භූත සිද්දින්ගෙන් ගහනයි.සත්වලාංඡන ඇසුරෙන් ඇතිවෙලා තියෙන මේ කතාපුවත් දැනගන්න ලැබෙන්නෙ හයවැනි සතකය පමණෙ දි ලියු වංසකතාවලිනු යි.සිංහලයින් ඇතිවුණු හැටි දක්වන පුවත් අද්භූත සිද්දිවලින් අලංකාර වෙලා ඇති නමුත් ක්‍රිස්තු කාලය පටන්ගැන්මට සතක පහකට පමණ පෙර උතුරුභාරතේ ඉදලා ආරියබාසාවක් කතා කල ජනතාවක් මේ දිවයිනේ පදිංචිවීමට පැමුනුණු බව ඒවායින් නිගමන්න පුලුවන්ය යනු පඬුවන්ගේ පිළිගැනීම යි.ඉන්දුආරිය ජනතාවක් මේ දිවයින තමන්ගේ නිවාසය කරගැනීම පිළිබඳව පුරාණ භාරතයේ පැතිරිලා පැවතුණු කතාපුවත් සකු බවුද්ද පොත්වල දීලා තියෙනවා,ඒ අනුව ඉන්දු-ආරිය වගාව මේ දිවයිනේ පිහිටුවීමට පුරෝගාමීවුවෝ වෙළෙන්දෝ ය යන තීරණයට බහින්න පුලුවනි.මේ ගොඩබිමේ ලැබෙන මැණික් නිසා ගිනිකොණ වෙරලටත් ඇදිලා ආව යි හිතන්න පුලුවනි. සකු බවුද්ද පොත්පත්වල මේ දිවයිනට දීපු නම්වලින් පැරණි ම එකක් තමයි රුවන් උපදින දූපත යන අරුත ඇති රත්නද්වීප යන්න.මේ වෙළෙන්දෝ මෙහාට ඇවිත් ආපහු ගමරටවලට ගොහින් මේ දිවයින ගැන පුදුම කතාවල් පැවසුව.රත්නද්වීපයේ අලංකාර පහයවල්වල හිතුනු රූපයක් මවාගන්න පුලුවන් යස්සයොත් රාස්සියොත් විසූ බවත් මුන් බොහෝවිට මිනිසුන් අල්ලගන කෑ බවත් මෙහේ හිටිය රුවින් අගතැන් පත් රකුසියො ගෑනුමායමින් පුරුසයන් පොලඹවගෙන කලක් වල්ලබයන් හැටියට තියන් ඉඳලා අන්තිමේ දී කාලා දමාපු බවත් මේ පුවත්වලින් සමහරකි.මේ දිවයිනට වෙන වෙලෙන්දන්ගෙ පැමිණීම වලක්වල මෙහෙන් ලැබෙන වටිනා වෙළදබඩුවල අයිතිය තමන්ට තහවුරු කරගන්න අදහසින් මේ බියකරු කතාපුවත් පුරෝගාමීන් ගෙතුවයි කියලා හිතන්න පුලුවනි.