Difference between revisions 359758 and 359759 on siwiki

ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක්‌ බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා (contracted; show full)
1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ . ජා . ප . සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති .

[[ප්‍රවර්ගය:දෙමළ]]

[[ප්‍රවර්ගය:සිංහල]]