Difference between revisions 363696 and 363729 on siwiki

{{db-g12| url=https://d2tx4sol6zqfh1.cloudfront.net/0/?url=bG10aC50c29wLWdvbGIvODAvNDEwMi9tb2MudG9wc2dvbGIuYXlhaHNrYWRhbGFiLy9BMyVwdHRo}}

[[ගොනුව:Red Bull Cobra Góraszka 1.JPG|thumb|නාගයා]]
අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික. 01. තෙල් කරවලා. Indian krait blue krait (Bungarus caeruleus) ශ්රී ලංකාවේ මාරාන්තික විෂ ඇති සර්පයෝ 7 දෙනාගෙනුත් උග්රම විෂ ඇත්තා . මෙයාගේ මතුපිට තෙල් ගා(contracted; show full)ද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය. සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි. මේ තොරතුරු බොහෝ ජනයාට හිත සුව පිණිස සර්පයින්ගෙන් සිදු වන දුක් පීඩා වලින් දුරු වීම පිණිස උපකාර වේවා. තෙරුවන් සරණයි..