Difference between revisions 366459 and 366460 on siwiki

වංශ කතා අනුව පැරකුම්බාවන්ගේ අණින් ඉන්දීය පාණ්‌ඩ්‍යයන්ට සහාය පිණිස සිංහල සේනා මෙහෙයවූ ලංකාපුර නමැති සෙනවියා සංග්‍රාම දික්‌විජය කර චෝල ජාතිකයන් 12,000 ක්‌ ලංකාවට රැගෙන ආවේය. මහා වංශය ප්‍රකාරව ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතින් ශතවර්ෂාධික කාලයක්‌ තිස්‌සේ වැනසී ගිය මහාසෑය ප්‍රමුඛ පුරාණ අනුරාධපුර රාජධානිය පැරකුම්බාවන් විසින් ප්‍රතිසංස්‌කරණය කරන්නේ මේ යුද සිරකරුවන්ගේ ශ්‍රමයෙනි. දෙමළ මහා සෑයත් ඔවුන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගුනකි. මහාවංශ කියන්නේ මේ සෑය සියලු ස්‌ථූපයන්ට වඩා මහත් වූ බවය. එය දෙවැනි කෛලාස කූඨය වූ බවය

Posted By Thilanka Poornajith Abeynayaka