Revision 213698 of "පරිශීලක සාකච්ඡාව:Clementsjournal" on siwiki==ආයුබෝවන්!==
[[File:Be bold.png|thumb|<big><center>'''විකිපීඩියාව සංස්කරණයට<br/> නො පැකිළෙන්න!<br/>බිය නො වන්න!'''</center></big>]]
ආයුබෝවන් '''Clementsjournal''', ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! <br />
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
*[[විකිපීඩියා:පංචස්තම්භ|විකිපීඩියාවේ පංචස්තම්භ]]
*[[විකිපීඩියා:නිබන්ධනය|නිබන්ධනය]]
*[[Wikipedia:How to edit a page|පිටු සංස්කරණය කරන ආකාරය]] හා [[Wikipedia:Article development|ලිපි සංවර්‍ධනය කරන ආකාරය]]
*[[Help:Contents|උදව් පිටු]]
*[[Wikipedia:How to write a great article|උසස් ලිපියක් ලියන ආකාරය]]
*[[Wikipedia:Manual of Style|හස්තීකරණ විලාසනය]]
*[[Wikipedia:සංස්කරණ උපදෙස්|කේතන ලැයිස්තුව]]
ඔබ, [[Wikipedia:Wikipedians|විකිපීඩියානුවෙකු]] ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (<nowiki>~~~~</nowiki>) [[Wikipedia:Sign your posts on talk pages|අත්සන් කරන්න]], මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, [[Wikipedia:Where to ask a question|ප්‍රශ්න යොමු කරන ආකාරය]] බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => '''<code>{{helpme}}</code>''' ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 06:24, 12 ජූනි 2011 (යූටීසී)
== දිව්‍ය හෘදයේ මංගලෝත්සවය ==
<big><big><big>හැඳින්වීම</big><big><big>
ජේසුස් ස්වාමින් වහන්සේගේ දිව්‍ය හෘදයේ මංගල්‍යය වනාහී ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ පටන් කතෝලික බැතිමතුන් අතර ඉතා ජනප්‍රිය වූ භක්ති අභ්‍යාසමය මංගල්‍යයකි. මෙය කතෝලික සභාව තුළ පමණක් නොව සමහර ඇග්ලිකානුවන් හා ලූතරානුවන් අතර ද ජනප්‍රිය වූවකි. දිව්‍ය හෘදයේ භක්තිය හුදෙක් යාච්ඤා මෙහෙයක් පමණක් ම නොව ජේසුස් වහන්සේගේ අති අමිල ප්‍රේමය, සානුකම්පිත බව හා මානව වර්ගයා කෙරෙහි වූ ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ වන දුක්වේදනාව යනාදිය භාවනා කිරීම, ඊට ප්‍රතිකාර කිරීම හා ඔවුන් වහන්සේගේ ප්‍රේමයේ අත්දැකීමට සහභාගිවීම යනාදීයෙන් සමන්විත වූවකි.
ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ භක්තිය හා වන්දනාව ආරම්භ වූයේ ප්‍රංශයේ මාගරීටා මේරි ඇලකොක් (1647–1690) Marguerite Marie Alacoque දුටු ජේසුස් වහන්සේගේ දර්ශනය වීමක් හේතුකොට ගෙන ය. මෙම මංගල්‍යය රෝමානු කතෝලික ජනවන්දනා ලිතට එකතු වූයේ ක්‍රිස්තු වර්ෂ 1856 සිට ය. පෙන්තකොස්ත මංගල්‍යයෙන් දින 16 කට පසුව එන සිකුරාදා දින දිව්‍ය හෘදයේ මංගල්‍යය පවත්වනු ලබයි.
ක්‍රිස්තු වර්ෂ 1673 දෙසැම්බර් 27 දින ජේසුස් වහන්සේ සාන්ත මාර්ගරීටා මේරි තුමියට දර්ශනය වී තම දිව්‍ය හෘදය පෙන්වා, මාර්ගරීටා තුමියගේ හිස ඔවුන් වහන්සේගේ ළයෙහි හොවා ගැනීමට අවසර දුන් සේක. ජේසුස් වහන්සේගේ හෘදය මත දැල්වෙමින් තිබූ ගිනි දළු මගින් ඔවුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට දක්වන අමිල මහා ප්‍රේමය ද, හෘදය වටා එතුණු කටු ඔටුන්නෙන් මිනිසා ඔවුන් වහන්සේගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමෙන් ලැබෙන දුක්වේදනාව ද, මිනිසාගේ නොමනා පව්කාරකම හා දේව ප්‍රේමයට එරෙහිව කරන දරුණු ක්‍රියා හේතුවෙන් ඔවුන් වහන්සේගේ හෘදය තුවාල වන බව ද පෙන්නුම් කර ඇත. ජේසුස් වහන්සේගේ හෘදයේ පැන නැගුණ අසීමිත දේව ප්‍රේමය අත්දුටු මාර්ගරට් තුමිය මාර්ගයෙන් ලෝකයේ සියලු ජනයා ද එම ප්‍රේමය අත්දකිනු ලැබීම ස්වකීය කැමැත්ත බව ප්‍රකාශ කළ සේක.
ක්‍රිස්තු වර්ෂ 1674 ජූනි මස දී නැවත මාර්ගරීටා තුමියට දර්ශනය වූ ජේසුස් වහන්සේ තමන් කුරුසියේ එල්ලී සිටිය දී විඳි වේදනාවට වඩා දුක් ශෝකයක් ගෙත්සමනි මල් උයනේ දී තනිවීම හා ගෝලයන් විසින් පවා අත්හැර දමනු ලැබීම නිසා හට ගත් බව ද ප්‍රකාශ කළ සේක. ජේසුස් ස්වාමින් වහන්සේ මෙසේ දුක් වින්ඳේ මනුෂ්‍ය සංහතියට දක්වන අසීමිත ප්‍රේමයේ හා කරුණාවේ සළකුණක් ලෙස බව ද පෙන්වා දුන් සේක. තවද, ජේසුස් වහන්සේගේ ආදරයට ප්‍රතිප්‍රේමය දැක්වීමේ ප්‍රතික්‍රියාවක් වශයෙන් සෑම පළමු සිකුරාදා දිනකම තම පාප වලට මනස්ස්ථාප වී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේලබා තම දිව්‍ය හෘදයට සම්පූර්ණයෙන් කැපවීම ද, ශුද්ධ වූ පැය නමැති යාච්ඤා භක්ති අභ්‍යාසය පැවැත්වීම කළ යුතු බව පෙන්වා දුන් සේක. එමගින් බහුල ස්වර්ගීය දේව වරප්‍රසාද බැතිමතුන්ට ලබා දෙන බවට ද පොරොන්දු වූ සේක.
ක්‍රිස්තු වර්ෂ 1675 ජූනි 16 දින නැවත දර්ශනය වූ ජේසුස් වහන්සේ තම දිව්‍ය හෘදය නැවත මාර්ගරීටා තුමියට අනාවරණය කරමින්, "මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළ හෘදය බලන්න! එහෙත් මිනිස් වර්ගයාගෙන් වැඩි වශයෙන් මට ලැබෙන්නේ නොසැලකිල්ල හා අවමානය" යි වදාළ සේක. එබැවින් ඊට ප්‍රතිකාර වශයෙන් කතෝලික සභාවේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයෙන් පසුව සිකුරාදා දින විශේෂ සූදානමකින් යුතුව දිව්‍ය හෘදයේ මංගල්‍යය පවත්වන ලෙස නියම කළ සේක.
<big><big>ශුද්ධාසන අවසරයන්</big><big>
දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය වඩාත් ජනප්‍රිය වූයේ විශේෂයෙන් පැවිදි නිකායන් හා සංඝ අතර ය. ක්‍රිස්තු වර්ෂ 1693 දී නිකුත් කළ ශුද්ධාසන ආඥාවකින් මෙම භක්ති අභ්‍යාසයේ නිරත වන අයට "පූර්ණ ඵල"[1] හිමි වන බව ද ප්‍රකාශ විය. ක්‍රිස්තු වර්ෂ 1720 දී ප්‍රංශයේ මාර්සෙල්ස් [Marseilles] නුවර ඇති වූ දරුණු මහාමාරිය වසංගතය[2] සමයේ දී පැවිදි නිකායන්ගෙන් පරිබාහිරව සාමාන්‍ය කිතුනු පවුල් අතර ද දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය ව්‍යාප්ත වී ගියේ ය. මෙම භක්ති අභ්‍යාසය කරණකොටගෙන නොබෝ දිනකින් එම වසංගතය දුරු වී ගිය බැවින් සෙසු ප්‍රදේශ වල ද ව්‍යාප්ත වූ දිව්‍ය හෘදයේ බැතිය පැතිර ගියේ ය. ක්‍රිස්තු වර්ෂ 1765 දී ප්‍රංශ රාජිණිය ප්‍රංශයේ විහේෂ මංගල්‍යයක් ලෙසින් එය නම් කරන ලෙස ප්‍රංශ රාජගුරු මණ්ඩලයෙන් කළ ආයාචනයේ ප්‍රතිඵලයක් ලෙස අර්ධ ජනවන්දනා තත්ත්වයක් ඊට හිමි විය. පසුකාලීනව දිව්‍ය හෘදයේ මංගල්‍යය කතෝලික සභාවේ විශේෂ මංගල්‍යයක් බවට නියම කරන ලෙසට ලොව නොයෙක් දෙසින් අභියාචනා ගලා අතර, ප්‍රංශ රාජගුරු මණ්ඩලය කළ විශේෂ අවසර පැතීමේ ඉල්ලීම මත ක්‍රිස්තු වර්ෂ 1856 දී 9 වන පියුස් පාප්තුමා දිව්‍ය හෘදයේ මංගල්‍යය රෝමානු කතෝලික සභාවේ සුවිශේෂ මංගල්‍යයක් බවට නම් කෙරුණි. අවසානයේ එය ලොව ඉතා ජනප්‍රිය වන්දනා භක්ති අභ්‍යාසයක් හා මංගල්‍යයක් බවට පත් විය.
යහපත් එඬේරාගේ ගරු සොහොයුරියන්ගේ නිකායේ භාග්‍යවන්ත දිව්‍ය හෘදයේ මරියා ජෝසප් [Blessed Mary Joseph of the Divine Heart of Jesus, 1863–1899] ගරු සොයුරිය, ජේසුස් වහන්සේගේ ඉල්ලීමට අනුව, මුළු ලෝකය ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට කැප කරන මෙන් 13 වන ලියෝ නමැති පාප්තුමාටආයාචනය කර සිටියා ය. මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට පාප්තුමා පත් කළ දේවධර්ම විශාරදයන් කණ්ඩයමේ නිර්දේශය මත, 13 වන ලියෝ පාප්තුමා ක්‍රිස්තු වර්ෂ 1899 මැයි 25 දින Annum Sacrum [3] නමැති ශුද්ධාසන විශ්ව හසුන්පත මුළු ලොව ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට කැප කීරීමේ ආඥාව නිකුත් කළේ ය. එසේම දිව්‍ය හෘදයේ භක්තිය ලොව පුරා කතෝලික බැතිමතුන් අතර ප්‍රචලිත කිරීමට අවසර දුන්නේ ය.එසේම එම පාප්තුමා ක්‍රිස්තු වර්ෂ 1899 ජුනි 11 දින කළ ප්‍රකාශනයකට අනුව, ජුනි මාසය දිව්‍ය හෘදයේ මාසය ලෙසින් නම් කෙරුණු අතර, රෝමානු කතෝලික සභාව තුළ මෙම දිව්‍ය හෘදයේ භක්තිය ප්‍රචලිත කරන ලෙස කතෝලික රදගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේ ය. සෑම මසකම පළමු සිකුරාදා දිනය ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය සිහිපත් කරන දවස ලෙස ද, පළමු සිකුරාදා දවස් නවයක් (9) දිව්‍ය හෘදයට කැපවන අයට විශේෂ වරප්‍රසාද ලැබෙන බව ද ප්‍රකාශ කළේ ය. මුළු ලෝකය ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට කැප කිරීමේ යාච්ඤාවක් නිර්ණය කොට එය භක්තියෙන් හා විශ්වාසයෙන් උච්චාරණය කරන අයට "පූර්ණ ඵල" හිමි වන බව ද අවධාරණය කළේ ය. එසේම දසවන පියුස් පාප්තුමා [Pope Pius X, 2 June 1835 – 20 August 1914] ඉහත කී 13 වන ලියෝ පාප්තුමා නිකුත් කළ දිව්‍ය හෘදයේ වන්දනාව සම්බන්ධ ශුද්ධාසන ආඥාව වාර්ෂිකව අළුත්වැඩියා වන බව ප්‍රකාශ කළේ ය. එසේම ක්‍රිස්තු වර්ෂ 1928 මැයි 8 වන දින 11 වන පියුස් පාප්තුමා [Pope Pius XI; 31 May 1857 – 10 February 1939], නිකුත් කළ Miserentissimus Redemptor [4] නමැති විශ්ව හසුන්පත මගින්, ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය දර්ශනලාභිනිය වන මාර්ගරීටා මරියා සොයුරියට කතෝලික සභාව තුළ විශේෂ ස්ථානයක් හිමි වන බව ප්‍රකාශ කළේ ය. තවද, ජේසුස් වහන්සේ තම දිව්‍ය හෘදය පෙන්නුම් කරමින් මාර්ගරීටා මරියා තුමියට තමන් වහන්සේව අනාවරණය කර, "දිව්‍ය හෘදයේ මෙම භක්ති අභ්‍යාසය නිසි ලෙස නිතිපතා පවත්වමින් තමන් වහන්සේගේ දිව්‍ය හෘදයට ගරු නමස්කාර කරන අයව ස්වර්ගීය විපුල වරප්‍රසාද වලින් පරිපූර්ණ කරන බව" පොරොන්දුවක් දී ඇති බව ද සහතික කළේ ය. තවද, 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමා ද ජේසු නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ජනරල් පියතුමා වන ගරු හෑන්ස් කොල්වෙන්බාක් වෙත යැවූ ලිපියක ද දිව්‍ය හෘදයේ භක්ති වන්දනාවේ වැදගත්කම අවධාරණය කොට ඇත.
<big><big>ශ්‍රී ලංකාවේ දිව්‍ය හෘදයේ බැතිය</big><big>
ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය භක්ති අභ්‍යාසය ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූවකි. ශ්‍රි ලාංකේය කතෝලික සභාවට අයත් බොහෝ මීසම් වල දිව්‍ය හෘදය භක්තිය සෑම සිකුරාදා දින වල දී ම සිදුවේ. සෑම කතෝලික දේවස්ථානයක ම වාගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවක් හෝ පින්තූරයක් දැකිය හැකිය. බොහෝ කතෝලික මීසම් වල දිව්‍ය හෘදයේ සමිතිය නම් වූ විශේෂ ධර්මදූත සංගමයක් ද දැකිය හැකිය. සෑම මාසයක ම පළමු බ්‍රහස්පතින්දා දින එහි සාමාජිකයන් රැස්වී ශුද්ධ වූ පැය හා දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය පවත්වති.
තවද, බොහෝ කතෝලික නිවාස ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට කැප කර ඇත. එවැනි නිවෙස් වල ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවක් හෝ සිතුවමක් දැකිය හැකිය. පූජාප්‍රසාදී තුමෙකු මගින් හෝ කතෝලික නවසේ ගෘහමූලිකයා විසින් ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාව හෝ සිතුවම නිවසේ විශේෂ ස්ථානයක තබා විශේෂ යැදුම් මෙහෙයක් පවත්වා එම නිවස හා එහි සාමාජිකයන්ව දිව්‍ය හෘදයට කැප කරයි. 12 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා කතෝලික නිවෙස් දිව්‍ය හෘදයට කැපකිරීම හා නිවෙස් වල දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය පැවැත්වීම විශේෂ ආධ්‍යාත්මික ක්‍රියාවක් ලෙස අනුමත කර ඇත. එය සෑම පුද්ගලයෙකුගේ ම හදවතේ ද සෑම කතෝලික නිවසක ම ද හා ජාතීන් අතර ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනංවන අත්තිවාරම ලෙස ද ප්‍රකාශ කර ඇත. එබැවින් දිව්‍ය හෘදයේ භක්තිය කෙරෙහි වඩ වඩාත් සමීප වීමට කතෝලික පවුල් වල සාමාජිකයන් උත්සහ කළ යුතු වන්නේ ය.
ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයෙනි, අපට කරුණා කළ මැනව.
ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ ආශිර්වාදය හා සාමය ඔබ සැමට හිමි වේවා!
෴ <big>වැඩිදුර සටහන්</big> ෴
[1] පූර්ණ ඵල යනු :- ශුද්ධ වූ කතෝලික සභාව තමන් වෙත හිමිවී ඇති පින්හේතු සම්භාරය ප්‍රයෝජනයට ගෙන අපට සමාව ලැබුණු පාප වලට ගෙවිය යුතු කාලීන දඬුවමින් ජීවතුන් හා මළවුන් යම් පමණකින් මුදන වරප්‍රසාද විශේෂයකි. එහෙත් පූර්ණ ඵල මගින් පව් කමාව ලබා ගත නොහැක. එහෙත් නියමිත තාවකාලික දඬුවම් ඉවත්කළ හැකිය. යමෙකු කළ පාප ක්ෂමා කළ ද, ඒවාට නියමිත කාලීන වන්දි ගෙවීම ගෙවිය යුතුය. එම කාලීන දඬුවම සැහැල්ලු කර දීමට පමණක් පූර්ණ ඵල උපකාර වේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මරණය තුළින් දිනා ගත් ගැළවීමේ වරප්‍රසාදීය ඵල අන් අය වෙත දොදීමේ බලය මෙලොව ඔවුන් වහන්සේව නියෝජනය කරන කතෝලික සභාව වෙත දී ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ද, නිර්මල මරිය තුමියගේ ද, සියලු ශුද්ධවරයන්ගේ ද පින් හේතු විශ්වාසිකයන්ට බෙදා දීමේ එක් මාර්ගයක් ලෙස පූර්ණ ඵල දානය කෙරේ.
[2] ප්‍රංශයේ මාර්සෙල්ස් නුවර පුරා පැතිර ගිය මෙම දරුනු වසංගතයෙන් ලක්ෂයක් පමණ දෙනා මරණයට පත් වූහ.
[3] Annum Sacrum යනු, ශුද්ධ වූ වර්ෂය යන අර්ථය දෙයි.
[4] Miserentissimus Redemptor යනු ක්‍රිස්තු වර්ෂ 1928 මැයි 8 වන දින 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා නිකුත් කළ විශ්ව හසුන්පතකි. දිව්‍ය හෘදයේ භක්ති අභ්‍යාසය හා ඊට ප්‍රතිකාර කිරීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳ මෙහි විස්තර වේ. එම විශ්ව හසුන්පතේ ඉංග්‍රීසි පරිවර්තනය පහතින් දැක්වේ.All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=213698.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|