Revision 214325 of "හෙන්රි ස්ටීල් ඔල්කට්" on siwiki

හික්‌කඩුවේ ශ්රීන සුමංගල නාහිමියන්ගේ ශත සංවත්සර ගුණානුස්‌මරණ මහෝත්සවය මෙම 29 වැනිදා විෙද්යාුදය පිරිවෙණේදී පැවැත්වෙයි. මෙම ලිපිය ඒ නිමිත්තෙන් පළ කෙරෙන්නෙකි.

 දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහළ වූ ශ්රේතෂ්ඨතම විද්වතා හික්‌කඩුවේ ශ්රීක සුමංගල නාහිමියන් බව දෙස්‌ විදෙස්‌ පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ඇතැම් විදේශික පඬිවරුන් උන්වහන්සේ හැඳින්වූයේ දකුණු බුදුසමයේ (ථෙරවාද බුදුසමයේ) පඬිවරයා වශයෙනි. විවිධ අර්බුද හමුවේ සීග්රයයෙන් පරිහානියට පත් සංස්‌කෘතික පසුබිමක්‌ යටතේ පන්නරය ලබමින් නැගී සිටි අනගාරික ධර්මපාල, වලිසීහ හරිශ්චන්ද්ර  වැනි ගිහි උගතුන් පමණක්‌ නොව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන් ද කරන ලද සේවය වර්තමාන පරපුරට යළි යළිත් සිහිපත් කරවා දීම කෘතවේදී ජාතියක වගකීමක්‌ බව කිව යුතුය. මෙහිදී සමස්‌ත ජාතියම තේරුම් ගත යුත්තක්‌ ඇත. එනම්, ජාතික ආගමික මාමකත්වය නිසා නැගී සිටි මෙම ශ්රේරෂ්ඨ යුග පුරුෂයන්ට බුද්ධිමය පන්නරය ලැබුණේ බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්රීම සුමංගල නාහිමියන් නිසා බවය.

 හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌, පෝල් ඩාල්කේ වැනි විදේශීය උගතුන් මෙරටට පැමිණියේ උන්වහන්සේගේ පාණ්‌ඩිත්යයය නිසා ය. සතිශ්චන්ද්රල විද්යා භූෂණ පඬිතුමා දැනුම සොයා ලංකාවට පැමිණීමට තීරණය කළ පසු ඔහුගේ මිතුරන් "ලංකාවෙන් ඔබ මොනවා ලබන්න" දැZයි උපහාසාත්මකව සිනාසුණ බවත් හික්‌කඩුවේ නාහිමියන්ගෙන් දැනුම ලබා ආපසු සියරටට යද්දී තම පරිපූර්ණ ඥනය පිළිබඳ උදන් ඇනූ බව සඳහන් වේ. කොළඹ ආනන්ද විද්යායලය, මහනුවර ධර්මරාජ විද්යාළලය, ගාල්ලේ මහින්ද විද්යා ලය වැනි බෞද්ධ විද්යාණලය බිහි වූයේ ද හික්‌කඩුවේ ශ්රී  සුමංගල නාහිමියන් නිසා බව නූතන අධ්යාගපනයේ වරප්රවසාද භුක්‌තිවිඳින කිසිවෙකු විසින් අමතක නොකළ යුත්තකි. විශේෂයෙන් විෙද්යාාදය විශ්වවිද්යා ලය නමින් පැවති දැනට ශ්රී් ජයවර්ධනපුර විශ්වවිද්යාිලය නමින් ප්රදකට ජාතික විශ්වවිද්යාභලය බිහි වූයේ හික්‌කඩුවේ ශ්රීර සුමංගල නාහිමියන් විසින් පිහිටුවන ලද මෙරට නූතන භික්ෂුය අධ්යාකපනයේ ජයටැඹ ලෙස සැලකෙන කොළඹ මාලිගාකන්දේ විෙද්යාමදය පිරිවෙණ ආශ්රුයෙනි.

 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම අවස්‌ථාවේ දී රජයේ සහ මෙරට බෞද්ධ උගතුන්ගේ අවධානය යොමු විය යුතු කරුණු අතරත් ප්ර්ධාන වූවක්‌ ලෙස නූතන භික්ෂුේ අධ්යාකපනය හඳුන්වා දිය යුතුය. ගෝලීයකරණය වන ලෝකයේ භික්ෂුධවගේ වගකීම විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථකථනය කළ ද භික්ෂුගවට විමුක්‌තියට විවර වන මග පදනම් කොට ගත් අධ්යායපන ක්රිකයාවලියක්‌ උරුම වනු විනා ඉන් ඔබ්බට ගිය ඉගෙනීම් සමුදායක්‌ නැත. නූතන තාක්ෂනණික මෙවලම් යොදා ගැනීමෙන් මෙය තවදුරටත් ශක්‌තිමත් කළ හැකි බව කවරෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැක්‌කකි. මේ නිසා වර්තමානයේ භික්ෂුත අධ්යා‌පනයේ ගමන් මග පිළිබඳ පුළුල් සාකච්ඡාවක යෙදීම යුගයේ අවශ්යිතාවකි.

 වර්තමානයේ ශ්රීය ලංකාවේ පවතින පිරිවෙන්වලින් සියයට අනූවක්‌ම විෙද්යාාදය හා විද්යා ලංකාර යන මහ පිරිවෙන් දෙක ආශ්රයයෙන් බිහි වූ ඒවාය. කැලණිය හා ජයවර්ධනපුර විශ්විදයාල බිහිකිරීමට තරම් ප්රආබල ඥන සම්භාරයක්‌ ඒකරාශිව පැවති මෙම පිරිවෙන් නිසා ජාතික හා ජාත්යින්තර තලයට පිවිසි උගතුන් ලංකාවට ඉමහත් කීර්තියක්‌ විය. ජී. පී. මලලසේකර, ආනන්ද ඩබ්. පී. ගුරුගේ වැනි වියතුන් දැනුමෙන් ලංකාව අමරණීය අධ්යාෙපන මධ්යීස්‌ථානයක්‌ බව ලෝකයට පන්වා දී තිබීම මෙයට කදිම නිදසුන් ය. එබඳු තත්ත්වයක පැවති පිරිවෙන් අධ්යා පනය රජයට සම්බන්ධ කිරීමෙන් ඒවා පවත්වා ගෙන යැමේ දී උද්ගත වූ ආර්ථික දුෂ්කරතා, ගුරු හිඟය වැනි යම් යම් ගැටලු විස¹ ගැනීමට හැකි වුවද අධ්යාකපනය ගුණාත්මක වශයෙන් බිඳ වැටුණු බව කවුරුත් දන්නා කරුණකි, අධ්යාතපනයේ සෝදාපාලුව අනුක්රයමයෙන් සිදුවන අතර ස්‌වාධීන අධ්යා්පන ආයතන වශයෙන් විෙද්යා‍දය හා විද්යාලලංකාර පිරිවෙන් දෙක යෝධ ස්‌තම්භ දෙකක්‌ ලෙස අඛණ්‌ඩව සිය මෙහෙවර දිගු කලක්‌ කරගෙන යැම නිසා උගත් භික්ෂු න් වහන්සේ තුළ යම් අස්‌වැසිල්ලක්‌ පැවැති බව අපි දනිමු. විශාල ගිහි පැවිදි ශිෂ්යල සංඛ්යා වක්‌ ඉගෙනුම ලැබූ විශිෂ්ට ආචාර්ය මණ්‌ඩලයකින් සැදුම් ලද අධ්යාංපන නිකේතන වශයෙන් ඒවා සම්මානිතව පැවතිණි.

 යථෝක්‌ත කරුණ මෙහි ලා සඳහන් කරන ලද්දේ අභියෝග අබිමුව මූල්යවමය අර්බුද හා අධ්යාථපනය යන කරුණු දෙක විෂයෙහි හික්‌කඩුවේ නාහිමියන් දැක්‌වූ ආකල්පය විමසා බැලීම සඳහා ය. දැනට විෙද්යාිදය පිරිවෙණ පිහිටි කොළඹ මාලිගාකන්දේ භූමි භාගය 1871 වර්ෂයේ දී රුපියල් 6000 ක වටිනාකමින් යුතු විය. එහෙත් මෙම මුදලෙන් භාගයක්‌ වත් සොයා ගැනීමට නොහැකි විය. සකීය ඵලදායක ක්රිුයාවලියක්‌ සිදුවන බව තේරුම්ගත් ලන්සගේ අන්ද්රිටස්‌ ප්රේයරා අප්පුහාමි නමැති මහතෙකු ඉඩමේ වටිනාකමෙන් තුනෙන් එකක්‌ ගෙන ඉඩම දීමට කාරුණික වූ බව ද සඳහන් වේ. එබඳු තත්ත්වයක්‌ තුළ ඇරඹූ විෙද්යාගදය පිරිවෙණ ජාත්ය න්තර කීර්තියට පත් අධ්යා්පනික ආයතනයක්‌ බවට පත් කිරීමේ කර්තව්යය අතිශය ප්රරශස්‌ත ය. අනෙක්‌ අතින් තුන් කල් දත් නුවණින් මෙන් මෙරටට ගැලපෙන අධ්යාතපන ක්ර්මයක්‌ හඳුන්වා දීම ගැන හික්‌කඩුවේ ශ්රී  සුමංගල නාහිමියන්ට මෙරට බුද්ධිමත් ජනයා නිකැළැල් ගරුත්වය පුදනු නියත ය.

 මෙරට අධ්යා පනය පිළිබඳව ජාතික සැලැස්‌මක්‌ නොමැතිකම පිළිබඳව කාලයක සිට ශිෂ්යහ ප්රීජාව හා බුද්ධිමතුන් විසින් මැසිවිලි නගන බව අපි දනිමු. විශේෂයෙන් අද වන විට බටහිර රටවල අත්දැකීම් හා ප්රුවණතා සැලකිල්ලට ගත් අධ්යානපනඥයන් විසින් හඳුන්වා දෙනු ලබන ක්රලමවේදයන් නිසා පාසල් පිරිවෙන් හා උසස්‌ අධ්යායපන ආයතනවල විෂය නිර්දේශ වරින් වර වෙනස්‌ කිරීම් වලට හසුවේ. කාලාන්තරයක්‌ තිස්‌සේ මෙරටට අනුක්‍රමයෙන් වැඩුණු සාම්ප්රජදායික ඥානය ඉතා සූක්‌ෂම ලෙස විනාශ වී යන අයුරු බුද්ධියෙන් මෙන්ම කාලයෙන් මුහුකුරා ගිය වියත් හු දකිති. එසේම දොම්නස්‌ සුසුම් හෙළති. එහෙත් අපට ආවේණික චින්තන ක්රශමයට අනුකූල වූ අනුක්රතමයෙන් සංවර්ධනය වෙමින් පැවැති ආර්ථික රටාවක්‌ මෙන්ම ගෘහ නිර්මාණ, වාරි කර්මාන්ත, චිත්රන මූර්ති, කැටයම්, වෛද්ය , අධ්යා්පනික හා විවිධ තාක්‌ෂණික ක්රනම අනුරාධපුර යුගයේ සිට වැඩෙමින් පැවති බවද අපි දනිමු. මේවා අද වන විට අපගේ නොසැලකිල්ලට භාජන වී ඇතත් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ස්‌ථානවල එදා කළ නිර්මාණ හා වාරි ව්යා පෘති වැනි දේවලින්ද අද ද රජයට හා ජනතාවට විශාල ප්රලතිලාභ ලැබේ. මෙම සාම්ප්රනදායික ඥානය රැකගැනීමට හා පෝෂණය කිරීමට වැඩපිළිවෙළක්‌ නොතිබූ හෙයින් අප අද විදේශාධාර හා ණය ලබා ගැනීමේ අරගලයක නිරතව සිටින අතර එය ලබා ගැනීම ජයග්රතහණයක්‌ සේ ද සිතීමට නිහීනව ඇත.

 බුදුදහම මෙම උවදුරෙන් යම් පමණකට හෝ බේරා ගැනීමට හැකිවීම භාග්යපයකි. මෙරට සිටි වගකිවයුතු භික්‌ෂූන් වහන්සේලා ඊට යම් යම් පියවර ගෙන තිබිණි. 

 මේ සඳහා 19 වන සියවසේ තැබූ විශිෂ්ටතම පියවර නම් බුද්ධිමත් ගිහි ප්රයභූන් පිරිසකගේ ද පැවිදි උතුමන් කිහිපදෙනකුගේ ද සහයෝගයෙන් හික්‌කඩුවේ ශ්රීි සුමංගල නාහිමියන් විසින් ධර්ම ශාස්‌ත්රීහය අධ්යාගපනය මැනවින් ඉදිරියට පවත්වා ගෙන යැම සඳහා වැඩපිළිවෙළක්‌ යෙදීමයි. විෙද්යාඋදය පිරිවෙණ එහි පදනම මෙන්ම අග්රයතම ඵලය ද වේ. මෙම පිරිවෙණ පිහිටුවීමේ දී සිල්වත් හා බුද්ධිමත් භික්‌ෂුවක්‌ මෙන්ම ගුණවත් හා බුද්ධිමත් ගිහි පඬිවරයෙකු බිහි කිරීමට අවශ්යත කරුණු ගැන ශ්රී‌ සුමංගල නාහිමියන්ගේ කුශාග්රු බුද්ධියෙන් අමුතුවෙන් සිතිය යුතු නොවීය.