Revision 214553 of "කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ (පොත)" on siwiki

{{db-promo}}
[[ගොනුව:book_kithudahame_harayata.jpg|thumb|කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ<br> කිතුසර ප්‍රකාශනයක්]]

'''කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ''' ශී‍්‍ර ලංකාව තුළ කිතු දහමේ විමුක්ති හරයට සාක්ෂි දරුවන් පිළිබඳ ග‍්‍රන්ථයකි.[br/]
පොතේ පෙරවදන-
අප මෙහිදී අවධානය යොමු කළේ ජනතා අරගලය තුළ ජනතා ප‍්‍රශ්න තුළ අඛණ්ඩව කි‍්‍රයාකාරී වූ කි‍්‍රයාකාරී වන ජීවිතක්ෂයට පත්කළ ජීවිතක්ෂයට පත්වුවන් හා තවමත් ජීවත්වන ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාධරයින් පිළිබඳවය. එවන් සිංහල දෙමළ ගිහි පැවිදි පූජක සියලූ දෙනා පිළිබඳවය. නිල සත්කාර්යක් සේ යුක්තිය සාධරණය ගැන කි‍්‍රයා කළ පිරිසකට වඩා තම තෝරාගැනීමක් තුළ නිල බල තන්ත‍්‍රය ඉක්මවා යමින් කිසියම් ආකාරයක පීඩාවකට ප‍්‍රතික්ෂේප කිරීමකට ලක්වූ අය කෙරෙහිය. මෙයට ඇතුලත් විය යුතු යැයි සිතන තවත් චරිත සිටිය හැක. ඒ ගැන අප දැනුවත් කරන්නේ නම් ස්තූති වන්ත වෙමු. ආරම්භයක් ලෙස අපි මෙම ග‍්‍රන්ථය සම්පාදනය කළෙමු. 

නියම කි‍්‍රස්තුස් වහන්සේවත් එතුමාගේ නියම දූත කාර්යයත් අපිට තේරුම් ගත හැක්කේ එතුමා ජීවත්වූ සමාජ ආර්ථික දේශපාලන පසුබිම තේරුම් ගැනීම මඟිනි. මිනිසකුගේ කාර්යබාරය තේරුම්ගත යුත්තේද එලෙසමය. ඒ නිසා මෙම ග‍්‍රන්ථයේ පළමු කොටස තුළින් ඉතා සැකවින් අපි ඓතිහාසික පසුබිම දක්වමු. ඉන් අනතුරුව ඝාතනයට ලක්වූ කි‍්‍රයාධරයින්ද, ඊටත් පසු මිය ගිය හා ජීවත් වන තෝරාගත් කි‍්‍රයාධරයින් පිරිසක් පිළිබඳවද සැකවින් තොරතුරු දක්වමු. මේවා ඔවුන්ගේ ජීවිත කථා ඉදිරිපත් කිරීමක් නොවේ ඔවුන්ගේ ප‍්‍රයත්නයන් හා ඊට බලපෑ හේතු එහිදී මුහුණපෑ ගැටළු ගැන කෙටි ඉදිරිපත් කිරීම් ය. 

මෙම ග‍්‍රන්ථය සම්පාදනය කිරීමෙන් අප බලාපොරොත්තු වන අරමුණු කීපයකි. පළමු වැන්න නිලබල තන්ත‍්‍රයෙන් ඇගයීමට ලක්නොවන ඔවුන්ව ඇගයීමයි. දෙවැන්න කිතු දහමේ සැබෑ හරය පිළිබඳ කතිකාවට පණ පෙවීමයි. එය ඉදිරියට  රැගෙන යාමට පිටු බලයක් සැපයීමයි ඒ හැරුනු විට මෙම ක්ෂේත‍්‍රයේ සාමූහික එක්සත් කි‍්‍රයාකාරිත්වයක් සඳහා අපි සියලූ දෙනා කි‍්‍රයා කළ යුතු බව මතුකිරීම හා කිතු දහමේ සැබෑ හරය සෙවීමට ඊළඟ පරපුරට උත්පේ‍්‍රරකයක් සැපයීමද වේ. 


[http://kithusara.org/sinhala/index.php?option=com_content&view=article&id=31:ls-oyfi-uuqlas-yrhg-mk-fmjqfjda&catid=16:feature&Itemid=15 සැමරුම]

[[ප්‍රවර්ගය:කිතු දහම]]
[[ප්‍රවර්ගය:කිතුනු පොත්]]