Revision 215691 of "ඊශ්‍රායල් පලස්තීන යුද්ධය-අල්ලා ගත් භූමි ප්‍රදේශවල තත්වය" on siwiki

{{mergewith|ඊශ්‍රායල-පලස්තීන ගැටුම}}
{{delete|මෙම ලිපිය [[ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම]] ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි.}}
අල්ලා ගත් භූමි ප්‍රදේශවල තත්වය


“අත්පත් කර ගත් පලස්තීන් භූමිය” යනු බටහිර ඉවුර සහ ගාසා තීරය හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන ලද යෙදුමකි. මෙම ප්රදේශය 1967 දී පැවති සය දින යුද්ධයේදි ඊශ්රායලය විසින් ඊජීප්තුව සහ ජෝර්දානයෙන් අත්පත් කර ගත් කොටසකි. ඊශ්රායල් රජය මෙහි තත්වය දැක්වීම පිණිස යොදන්නේ “අර්බුද සහිත ප්රදේශය” (Disputed Territories) යන්නයි. ඇතැම් ප්රදේශ අත්පත් කර ගත්තා යයි හැඳින්විය නොහැක්කේ කිසිදු ජාතියකට ඒවාට පැහැදිලි අයිතියක් නොමැති බැවිනි. එසේම 1967 දී ඊශ්රායලය එම  ප්රදේශ අල්ලා ගන්නා විට ක්රියා කාරි රාජ්ය ත්රාන්ත්රික ක්රියාදාමයක් නොතිබුනි. මෙම ප්රදේශ තවමත් “ජුදෙයා සහ සමාරියා” යනුවෙන් ඇතැම් ඊශ්රායල් කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ඓතිහාසික ප්රාදේශික නාම පදනම් කර ගෙනයි. 

1980 දී ඊශ්රායලය නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගත්තේය. එම වසරේම අගෝස්තුවේදි එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඇඳා ගැනීම  ප්රතික්ෂේප කළේය. ඊශ්රායලය කෙදිනක හෝ බටහිර ඉවුර හෝ ගාසා තීරය යා කර නොගත්තේය. කලාපය තුල පිහිටි සියලුම රාජ්යයන්හි දේශපාලන නිදහස, භූමියේ අයිතිය, ස්වාධීනත්වය පිළිගැනීම සියලු ප්රශ්න නැතහොත් ආරවුල් ඇති විය හැකි අවස්ථා ඉවත් කිරීම සියලු රාජ්යයන්හි ජනතාව බියෙන් සැකෙන් තොරව සාමකාමීව ජීවත් වීමට ඇති අවස්ථාව සහ මෑතදි ඊශ්රායලය අල්ලා ගත් ප්රදේශ වලින් ඊශ්රායල් හමුදා ඉවත් වීම ආදි කාරණා ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ගෙන සිටියේය. අන්තිමට සඳහන් ඉල්ලීමේ අදහස සහ අභිප්රාය අවුල් සහිත විය. 

ඊශ්රායලයේ අදහස වී තිබුනේ බටහිර ඉවුරේ අරාබි ජාතීන් බොහෝමයක් සිටි ප්රදේශ (ප්රධාන යුදෙව් ජනාවාස හැර) සහ සම්පූර්ණ ගාසා තීරය පසු කලෙක ස්වාධින පලස්තීන රජයක කොටසක් විය යුතුය යන්නයි. කෙසේ වුවද මෙම රාජ්යයේ නිශ්චිත මායිම් ප්රශ්නකාරි විය. උදාහරණයක් වශයෙන් 2000 වර්ෂයේදි බටහිර ඉවුරේ 92% ක ප්රමාණයක් ද සම්පූර්ණ ගාසා තීරයද ඇතුලත් නිදහස් පලස්තීන රාජ්යයක් ස්ථාපිත කිරීමට අවස්ථාවක් එහුඩ් බරක් විසින් යසර් අර්ෆත්ට ප්රදානය කළේය. එහෙත් ආරක්ෂක වැඩ පිළිවෙල වල බලපෑම් සහ වෙනත් හේතුන් නිසා අරෆත් එම යෝජනාව ප්රතික්ෂේප කළේය. 

ඇතැම් පලස්තීනුවෝ ඔවුනට සම්පූර්ණ බටහිර ඉවුරද ගාසා තීරයද සහ නැගෙනහිර ජෙරුසලමද අයිති යයි කියති. මෙම ප්රමාණය අඩු කිරීමට කෙරෙන ඕනෑම ක්රියාවක් ඔවුන්ගේ අයිතීන් තදබල ලෙස අහිමි කිරීමක් යැයි පලස්තීනුවෝ කියති. මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමේදි ඔවුන් කියා සිටියේ මෙම භූමි ප්රදේශයේ සීමාවන් අඩු කිරීමට ගන්නා ඕනෑම ක්රියා මාර්ගයක් තමන්ගේ මූලික අවශ්යතාවයන් අහිමි කිරීමේ සතුරු ක්රියාවක් වන බවයි.

‘හමාස්’ වැනි වෙනත් පලස්තීන කණ්ඩායම් අවධාරණය කර කියා සිටියේ බටහිර ඉවුරේ, ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම පමණක් නොව මුලු ඊශ්රායලයම පලස්තීනය විසින් පාලනය කළ යුතු යයි යනුවෙනි. මෙම කාරණය සඳහා හමාස් සංවිධානයට සාම ක්රියාවලිය පෙනුනේ “ආගමික වශයෙන් තහනම් යන දේශපාලනික වශයෙන් සිදු විය නොහැකි එකක්” ලෙසිනි. 







== ආශ්‍රිත ==
http://en.wikipedia.org/wiki/Israeli-Palestinian_conflict#Other_Issues

[[sv:Israel-Palestina-konflikten]]
[[tl:Alitang Israeli-Palestino]]