Revision 233295 of "කටුගස්තොට පාලම (පැරණි)" on siwiki

{{db-copyvio|url=http://www.silumina.lk/2009/07/26/_art.asp?fn=af0907265}}

[[ශ‍්‍රී ලංකා]]වේ අතිදර්ශනීය කන්ද උඩරට මනස්කාන්ත සුන්දර පරිසරය, සෞම්‍ය දේශගුණය හා බැඳුණු මහා වාලුකා නදිය කඳුරට ප‍්‍රදේශය හරහා ගලා බස්නා ස්වභාවික වටිනා සම්පතකි.

සිරිපා අඩවියේ සිට කඳු, හෙල්, පල්ලම්, තැනිතලා බිම් ඔස්සේ ගලා යන [[මහවැලි නදිය]] ලංකාවේ ප‍්‍රධානතම ගංගාවයි. ති‍්‍රකුණාමලයෙන් මහා සාගරයට එක්වන මහවැලි නදියෙන් එගොඩ මෙගොඩ වෙන්වී ඇති ගම් බිම්, නගර හා පළාත් සංඛ්‍යාව බොහොමයකි. ඒවා සම්බන්ධ කිරීම සඳහා ඉදිකර ඇති පාලම් අතර, ප‍්‍රධාන තැනක් මෙන් ම විශේෂත්වයක් ගන්නා පාලම කටුගස්තොට පාලමයි.

ඓතිහාසික [[මහනුවර]] නගරයට උතුරු දෙසින් කි.මී. 4 ක් පමණ ඈතින් [[මහවැලි ගඟ]] හරහා ඉදිකර ඇති [[පාලම]] පිහිටි[[ කටුගස්තොට]] භූමිය අතීත ශ‍්‍රී ලංකාවේ පැරැණි රාජධානි වන[[ රුහුණු]], [[මායා]], [[පිහිටි]] තී‍්‍රසිංහලය මායිම් වන සන්ධිස්ථානයයි.

[[ඒ - 9]] මාර්ගයේ [[උතුරු මැද]] හා[[ වයඹ]] පළාත් යා කෙරෙමින් 1858 දී [[ඉංග‍්‍රීසි]] ජාතික වෝර්ඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී ඉදිකර ඇති මෙම පැරැණි යකඩ පාලම මහවැලි ගඟ හරහා ඉදිකර ඇති පැරැණි පාලම් අතර ප‍්‍රධාන තැනක් ගන්නා පාලමකි.

වසර 150 කට අධික කාලයක් පැරැණි මෙම පාලම[[ කුරුණෑගල]] සහ [[මාතලේ]] යන බිම් පෙදෙස්වල පිහිටි[[ කඳු]] වැටි අතර ඇති [[ගලගෙදර]] සහ [[බලකඩුව]] යන දුර්ග මාර්ග ඓතිහාසික මහනුවර නගරය හා සම්බන්ධ කරමින් ඉදිකරන ලද්දකි.

මහනුවර රාජධානිය ආක‍්‍රමණය කිරීම සඳහා [[පෘතුගීසි]] හා [[ලන්දේසි]] හේවායන් මෙම දුර්ග මාර්ග භාවිතා කර ඇති නමුත්, එකල ගඟෙන් එගොඩවීම සඳහා පාලමක් නොතිබූ හෙයින් ඔවුන්[[ ඔරු]] [[පාරු]] භාවිතා කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉංගිරිසින් ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ [[නැව්]] ගත කිරීම සඳහා[[ ති‍්‍රකුණාමල වරාය]] යොදා ගැනීමත්,[[ ඉන්දියාව]]ට යාම සඳහා කෙටි මාර්ගයක් වශයෙන් ඉන්දියාවට යාබදව තිබෙන උතුරු වෙරළත් මහනුවරට සම්බන්ධ කර ගැනීමේ අභිලාෂයෙන් මෙම පාලම ඉදිකර ඇති බව පෙනේ.

එසේම මලබාර් වරායෙන් සහ කොරමැන්ඩල් වෙරළෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමේ පහසුවත්, එම ප‍්‍රදේශ හා කන්ද උඩරට මහනුවර නගරය අතර සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීමත් මෙම පාලම ඉදිකිරීමේ වැදගත් අරමුණක් බව ඓතිහාසික තොරතුරු පෙන්වා දෙයි.

අතීතයේදී මහවැලි ගඟ තරණය කළ ස්ථානයක් වන[[ අලුත්ගංතොට]] නම් වූ ස්ථානයට නුදුරින් ස්වාභාවිකව පිහිටීම නිසා ද කටුගස්තොට මෙම පාලම ඉදිකිරීම වැදගත් දායාදයක් වී ඇත.

1923 ඉංගිරිසි ජාතික ඉංජිනේරුවරයෙකු වන බිංග්හැම් මහතාගේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අනුව 1858 සැප්තැම්බර් මස 01 දින මෙම පැරැණි පාලමේ වැඩ ආරම්භ කළ බව පෙනී යයි. එහි ප‍්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජේ.ඒ. ක්ලේ නැමැති අයෙකි.

වැඩ සම්බන්ධ ලිපිකරු වශයෙන් ඩබ්. ලැපන් නැමැති අයෙක් සේවය කර ඇත. ලැටිස් ක‍්‍රමයට යකඩින් නිම කරන ලද මෙම පාලම දිගින් අඩි 140 ක් වූ කොටස් තුනකින් සමන්විත වන අතර, සම්පූර්ණ දිග අඩි 420 කි.

එදා පැවැති කටුගස්තොට පාලම [[වාහන]][[ ගමනාගමනය]] සඳහා විවෘත කිරීම සිදු වූ අවස්ථාව ඉතාමත් විනෝද ජනක අවස්ථාවක් වූ බව ඉතිහාසය සඳහන් කරයි.

1858 සැප්තැම්බර් මස 01 දින මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර එක හමාරකට පසු 1860 මාර්තු මස 01 දින වාහන ගමනාගමනය සඳහා [[වෝර්ඩ් ආණ්ඩුකාරවරයා]] ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පාලම විවෘත කර ඇත. විවෘත කිරීමේ උත්සවයට ආණ්ඩුකාරවරයා, ප‍්‍රාදේශීය පාලකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 250 දෙනකු සහභාගි වී ඇති අතර, විවෘත කිරීම සඳහා [[මෝටර් රථ]] 25 ක් පාලම මතින් ධාවනය කැරුණු බව සඳහන් ය.

වාහන මුදා හැරීමෙන් පසු පාලම මත විනෝද ජනක රැඟුම් දර්ශන රැසක් ඉදිරිපත් කර සහභාගි වූවන් තෘප්තිමත් කර ඇත. මේ උත්සවයේ ආණ්ඩුකාරවරයා විශේෂ අමුත්තා වූ අතර, ඔහු ද[[ රංගනය]]ට සහභාගි වී ඇත.

කලකට පසු වාහන තද බදය නිසා පාලමට පීඩනය අධික වූ බැවින් එය ශක්තිමත් කිරීම සඳහා පැරැණි බද කොටස හා අඩි පාර වෙනස් නොකොට අතර මැදින් කුළුණු යොදා 1905 දී ප‍්‍රතිසංස්කරණය කර ඇත. 1939 දී ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව යටතේ මෙම පාලම නැවත ප‍්‍රතිසංස්කරණය කර ඇති බව පැරැණි පාලමේ සඳහන් ලිඛිත සටහනකින් පෙනේ.

ඒ අනුව එවකට මාර්ග සහ ප‍්‍රසිද්ධ වැඩ ඇමැති මේජර් ජේ.එල්. කොතලාවල, ප‍්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂ කෙනත් ද ක්‍රෙයිසර්, ප‍්‍රධාන ඉංජිනේරු එස්. මහාදේව සහ කම්හල් ඉංජිනේරු සී.සී. ඕරාම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ යළිත් ප‍්‍රතිසංස්කරණය කර ඇත.

[[දුම්බර මිටියාවත]] සහ රමණීය කඳු මුදුන් 4 ක් සහිත [[නකල්ස්]] කඳුවලට අඩි 5000 ක් උසින් පිහිටි [[හුන්නස්ගිරිය]] කඳු මුදුන පසුබිම් කොට ඉදිකර ඇති, අද දක්වාම උපරිම අයුරින් ප‍්‍රයෝජනයට ගන්නා කටුගස්තොට පැරැණි පාලම ඉංගිරිසි ජාතික ඉංජිනේරුවරුන් ගේ විශ්මය ජනක නිමැවුමකි.



[[Category:ශ‍්‍රී ලංකාව]]