Revision 236706 of "යුනික්ස් (Unix) සහ යුනික්ස් වැනි (Unix-like) මෙහෙයුම් පද්ධති" on siwiki

{{db-a10|article=මෙහෙයුම් පද්ධති}}
{{ශුද්ධ පවිත්‍ර}}
[[ගොනුව:Ubuntu_8.04.png‎ |thumb|උබුන්ටු (Ubuntu) , ජනප්‍රිය ලිනක්ස් බෙදා හැරීමකි. භාවිතයේ ඇති බොහෝමයක් අතරින් එකකි]]

කෙන් තොම්සන් (Ken Thompson) ඔහුගේ MULTICS ව්‍යාපෘතියේ ‍අත්දැකීම් මත පදනම්ව යුනික්ස් ලිවීමට යොදාගත් BCPL මත පදනම්ව, B ලියන ලදී. B‍ C හි  මඟින් ප්‍රතිස්ථාපනය වූ අතර යුනික්ස්, සෑම නූතන මෙහෙයුම් පද්ධතිකටම බලපෑම් ඇති කරන විශාල සංකීර්ණ අන්තර්ව බැඳුනු මෙහෙයුම් පද්ධති පවුලක් බවට වර්ධනය විය. (ඉතිහාසය බලන්න)
යුනික්ස් වැනි පවුල මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයෙන් වෙනස් කාණ්ඩයකි. එයට සිස්ටම් System V, BSD, හා ලිනක්ස් වැනි ප්‍රධාන උප ඒකක කිහිපයක් ඇතුළත් වේ. යුනික්ස් යන නාමය ද ඕපන් ගෘප් හි වෙළඳ නාමයක් වන අතර එහි අර්ථ දැක්වීමට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් සඳහා යෙදීමට අවසර ලබා දී ඇත. “යුනික්ස් වැනි” බහුලව භාවිතා වන්නේ නියම යුනික්ස්ට සමාන මෙහෙයුම් පද්ධති සමූහයක් හැඳින්වීමටය.
යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති යන්ත්‍ර නිර්මිත විශාල ප්‍රමාණයක් මත ධාවනය වේ. ඒවා ව්‍යාපාර කටයුතුවලදි සේවා දායකවල සහ අධ්‍යාපනික හා ඉංජිනේරුමය කටයුතුවලදී වර්ක්ස්ටේෂන් (workstations) වල බහුලව භාවිත‍ා වේ. GNU ලිනක්ස් හා BSD වැනි නිදහස් මෘදුකාංග යුනික්ස් ආදේශක මෙම අංශවල ජනප්‍රිය වේ. ලිනක්ස් වෙළඳපොළ කොටස බොහෝ වෙනස් බෙදාහැරීම් අතර බෙදී යයි. නොවෙල් (Novell) හා රෙඩ් හැට් (Red Hat) මඟින් සිදු කරන මහා පරිමාණ ව්‍යවසාය පන්තියේ බෙදා හැරීම් සංස්ථා මඟින් භාවිතා කරන නමුත් සමහරක් ගෘහස්ථ පරිශීලකයන් ද එම නිපැයුම් භාවිතා කරයි. ඓතිහාසිකව ගෘහස්ථ පරිශීලකයන් ස්ථාපනය කළේ ඔවුන්ගේම බෙදා හැරීමකි. නමුත් 2007 දී ගෘහස්ථ PC සඳහා උබුන්ටු ලිනක්ස් බෙදා හැරීම ඩෙල් (Dell)  සමාගම ආරම්භ කළ අතර වර්තමානයේ වෝල්මාර්ට් (Walmart) සමාගම GOS v2 සමඟ පහත් අන්තයේ පරිගණක ඉදිරිපත් කරයි. වැඩතලය (desktop) මත ලිනක්ස් , වර්ධනය කරන හා විනෝදාංශමය මෙහෙයුම් පද්ධති දියුණු කරන ප්‍රජා අතර ජනප්‍රිය වේ. (පහත බලන්න)
නිදහස් මෙහෙයුම් පද්ධති සඳහා වෙළඳ පොළ කොටස් දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍ය නොවේ. එසේ වන්නේ ඒවා නියෝජනයන් යටතේ භාවිතා කර මිළ දි නොගන්නා බැවිනි. අනෙක් අතට නිදහස් මෙහෙයුම් පද්ධතිවල මුළු බාගත කිරීම් මත පදනම්ව ඇති වෙළඳ පොළ කොටස් දත්ත බොහෝ විට විශාල ‍මවා පෑමකි. මන්ද යත් මෙහෙයුම් පද්ධති ගණනාවක් ගැනීමට ආර්ථිකව ප්‍රශ්නයක් නොමැති නිසා පරිශීලකයන් මෙහෙයුම් පද්ධති කිහිපයක් බාගත කර වඩා සුදුසු දෙය තෝරා ගනියි.
HP හි HP-UX හා IBM හි AIX වැනි සමහරක් යුනික්ස් ආදේශක එම නිෂ්පාදකයාගේම දෘඩාංගවල පමණක් ධාවනය වන ලෙස සකසා ඇත. සෝලාරිස් (Solaris) වැනි අනෙක්වාට x86 සේවා දායක හා PC ඇතුලුව විවිධ වර්ගවල දෘඩාංග මත ධාවනය විය හැක. ඇපල්හි මැක් OS X මාච් (Mach) හා ෆ්‍රී BSD මඟින් ඇපල්හි මුල් කාලීන (යුනික්ස් නොවූ) මැක් OS ප්‍රතිස්ථාපනය කර ඇත.
යුනික්ස් අන්තර් ක්‍රියාකාරීත්වය සොයා බලන ලැබුවේ POSIX සම්මත ප්‍රකාශයට පත් කිරීමෙනි. POSIX  සම්මතය විවිධ යුනික්ස් ආදේශක සඳහාම නිර්මාණය කර තිබුණත් ඕනෑම මෙහෙ‍යුම් පද්ධතියකට යෙදිය හැකි වේ. 


[[Category:මෙහෙයුම් පද්ධති]]