Revision 242221 of "සමිත බී අටුවබැන්දෑල" on siwiki

{{db-person}}ලාංකේය සාහිත්‍යය ගොඩනඟන්නට ඔහු උත්සහ කරන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,
 
එක්දහස් නවසියය හැත්තෑ අටේ,පෙබරවාරි අට වන දින මහනුවර දිස්ත්‍රීක්කයේ ,කුණ්ඩසාලේ,නත්තරංපොත ගම්මානයේ උපත ලබන සමිත බණ්ඩාර අටුවබැන්දෑල ගුරු ගෙදර කරගන්නේ මහනුවර සිල්වෙස්තර විද්‍යාලයයි,කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම් ඒ (m a)උපාධිය සම්පූර්ණකරන මේ අපූරු නිර්මාණ කරුවා "සංසාර මාවත" කෘතිය හරහා පාඨක සිත් තම වසඟයට ගනියි..පහත දැක්වෙන්නේ එම කෘතියේ එන රස මුසු තැන් කිහිපයකි,

 දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට...(සංසාර මාවත)


බොර ඇළෙන්

යටිපතුල් දොවා ගත්තා

වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ

කන්ද උඩින් එබී

පෘථිවිය දිහා බැලුවා.

හැමදාම

අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා



කටුඉඹුල් පතොක් ගස් පීර පීරා

කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්

ආයෙමත් එක මොහොතක

අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය

හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට

පැන ඇවිත් පිපාසය

ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.

කිරි දුන්නෙ මේ අපට

නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම

සුදු පාට රටහුණු මල් පිපුණාම

ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ

පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ

නුඹයි මිස්


අවසන් සීනුව

වැදුණු පසු

නළ ළිඳක් වෙලා

හදවතේ පතුලින්ම වතුර ඇද ඇද

ශිෂ්‍යත්ව පන්තියේ පාත්තියට

හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට

බඩගින්න

බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන

ළමුන් පෙනුණේ

නුඹට විතරද මිස් ?

බත් පතින් ත්‍රීපෝෂ අරගෙන

කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්

ඉස්කෝලෙ කිරි ගහේ

පාත අත්තක

ගමට ම පනා මලක් පිපුණා

සමනළුන් කෝටියක්

ඉගිළුණා නුඹෙ සිතේ

ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්

අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී

ඇයි මහා වැස්සක්

ඔය ඇහේ අද

මේ බලන්ට

අපි ඔක්කෝම

දහයෙන් එකොළහට පාස් වුණා මිස්

කොයි සල්පිළෙන් නෙළා ගත්තාද 

මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්

ගැලවිලා බිම වැටුණා තමයි.

කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත

අනේ අපට පෙන්නන්ට මිස්

ඒදණ්ඩෙන් එගොඩ වෙලා

දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට

ඒ අතින් මේ කවිය

තනියට ගෙනියන්ට මිස්.




මේ සංසාර මාවතේ එන තවත් රස පිරුණු අපූරු සිත්තමකි...

 දේවදත්තගේ ගාථා පහ ..(සංසාර මාවත)


මුහුණ සමග නොව

නුඹ වහන්සේ සමග තරහින්

මම මගේ නහය කපා ගතිම්


අපායෙන් චුත ව අද

නුඹ වහන්සේ හොයාගෙන

පිම්මේම ගල්විහාරෙට ආවෙම්


නයිලෝන් මකුළු දැලක

පැටලුණූ අතීතයක මතක මිස

නුඹ වහන්සේ පුදන්නට

මම තවම අලුත් ගාථාවක් හොයාගෙන නැතියෙම්


ඇතා, වඳුරා මෙන්

මීවඳ, උක්ඳඩු හොයාගෙන

මේ පාරිලෙ‍ය්ය වනයට

දන් පිණීස කොහොම මම ගෙනෙම්

එක දවසක් නොව

එදා සිටම මට

ගල් පෙරළනා හෙයින් තවමත්


ලෝකයම වෙනුවෙන් පිපුණ

නුඹ වහන්සේට නොවඳින

මේ අත් දෙක

ඇත්තටම කොස් කොටන්ට ද ඉතිං


මේ කවි අහුලාන මින් මතු ව 

උදේ හවස හැමදාම මම

නුඹ වහන්සේට වඳිම්


නූතන කාව්‍ය මාධ්‍යයේ පෙරගමන් කරුවා ලෙස බොහෝ විද්වත්හූ අර්ථ දක්වන්නේ සමිත අටුවබැන්දෑලයන් ය.කාව්‍ය ,කාව්‍ය ගෝචර කරවීමෙහිලා නූතන සමාජ ප්‍රස්තුත හරවත් ලෙසත් සෘජු ලෙසත් ගෙනහැර දැක්වීමේ සහජ කුසලතාවයෙන් අනූන සමිත අටුව බැන්දෑලයන්ගේ තවත් එවන් නිදසුනකි පහත දැක්වෙන වියමන..


හිමිකාරියට..(සංසාර මාවත)


හෙමින් පා තබ තබා

හෙවණැල්ල සේ පිටුපසින්

පැමිණෙනා හඬ දැනෙයි මට

යන එන හැමතැන ම

ඡායාවක් වගේ

හදවත පුරා වැතිරී හිඳියි නුඹ


ගමක

නගරයක

කාන්තාරයක

ක්ෂේම භූමියක

මුහුදු හතෙන් එහා

නොදන්නා වෙන රටක

මේ කොහේ හෝ තැනක

නුඹ ඇත්තටම

ජීවත් වෙනවා ඇති

මේ දැනුත්


සමහරවිට දැන්

කන්තෝරුවක වැඩ කරනවා ඇති නුඹ

ඉහින්කනින් වීර්යය වඩාගෙන

කුස්සියේ යුධ දුම් මැද තිනිවෙලා

ගම්මානයටම බතක් උයනවා ඇති.

කාටවත් ම නෑසෙන්නට හොරෙන්

අලුත් කවියක් නෙළාගෙන

සමනළ තටු පිරිමදිනවා ඇති සෙමින්.

අසනීපයක් හැදී

අනේ ඇසේ මල්පෙති පියාගෙන

රෝහලක දිගෑදී ඇති.....


නුඹ 

හවස් වරුවේ

ගහක් යට ඈඳිගෙන ඉන්න කොට

ඈත අහසේ මුව පුරා

රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති.

කුරුල්ලන් ගී ගයා

පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට

මලක් ගෙල දිගු කර

නටුවෙන් එබෙනවා පේනවා ඇති.

දේදුන්නක් නැමී

වැව් දියේ ළය අතගානවා

දැනෙනවා ඇති.

දෙපා මුල දැවටෙන

මද පවන

යාන්තමට අත්තටු සලන හඬ

ඇහෙනවා ඇති.

ගල්පරයක් උඩ වාඩිවෙලා

ඔහේ තනි ව ම ඉන්න කොට

මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති.

කොහේ හිටියත් නුඹට

සැබෑවටම මං ගැන

මොකක් හරි හිතෙනවා ඇති.


තවත් හැංගෙන්නේ මොකටද ඉතිං

ඉන්න තැනකින්

එළියට එනවාද අද හෙටම


කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත"

කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්‍රමාණයකි,