Revision 247745 of "පුවත්පත් කලාවේ ආචාර ධර්ම සහ ප්‍රමිතීන්" on siwiki

{{delete|මෙම ලිපිය [[ප්‍රමිතිය හෝ තත්වය රැක ගැනීමට නොහැකි වීම]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
== පොදු මූලික කරුණු==


පුවත්පත් කලාවේ ප්‍රමිතීන් සහ ආචාර ධර්මවලට අදාල බොහෝ රෙගුලාසිවලට පොදු මූලික තේමාවන්.

විෂය මූලික කරුණු

·	ප්‍රවෘත්ති සහ තම තමන්ගේ මත අතර තිබිය යුතු පැහැදිලි වෙනස - කර්තෘ මණ්ඩල අදහස් සහ මත පැහැදිලිවම ප්‍රවෘත්ති සමග වෙනස් වේ. ප්‍රවෘත්ති වාර්තාකරුවන් සහ කර්තෘ මණ්ඩල යනු දෙපාර්ශවයකි. 
·	ප්‍රවෘත්ති සහ දැන්වීම් අතර වෙනස - සියලු දැන්වීම් පැහැදිලි දැන්වීමක් පරිදි හඳුනාගත හැකි විය යුතුය. 
·	වාර්තාකරුවා ලාභ ප්‍රයෝජන පිළිබඳ ගැටලු මග හැරී - දෙන ලද මාතෘකාවක් යටතේ කථාවක් ලිවීමට ධෛර්යමත් වීම - මෙයට අල්ලස් නොගැනීම ද ඇතුළත් වේ. වාර්තාකරුවො‍් පෞද්ගලික, ආර්ථික හෝ දේශපාලන වුවමනා එපාකම් මත වාර්තා නොකිරීම (බලන්න Envelope Journalism) 
·	විවාදයට බඳුන් වන මතවාද පිළිබඳව මධ්‍යස්ථ විය යුතු අතර සාධාරණව විස්තර කළ යුතුය.
·	කෙනෙකුට එරෙහිව කිසියම් ප්‍රවෘත්තියක් පළ කිරීමට අදහස් කරන විට එය ප්‍රසිද්ධ කිරීමට පළමු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රවෘත්තියට අදාල තැනැත්තාට අවස්ථාව දීම.
·	වාරණය ඇතුළු වෙනත් හේතූන් නිසා වාර්තාකරණයට බාධා ඇති වීම්, විරුද්ධ වීම්, මැදිහත් වීම් හෙළි විය යුතුය.

මූලාශ්‍ර (තොරතුරු ලැබෙන මාර්ග)

·	නිර්ණාමිකව ලැබෙන තොරතුරුවල රහස්‍ය භාවය.
·	හැකිතරම් දුරට නිර්ණාමිකව ලැබෙන තොරතුරුවලින් ඈත් වී සිටීම.
·	වෙනත් ප්‍රවෘත්ති මාධ්‍යයන් මගින් හෝ පුද්ගලය මගින් ලැබෙන ප්‍රකාශවල නිර්වද්‍යතාවය.
·	නොමග යවන ආකාරයෙන් පින්තූර, ශබ්ද සහ කියමන් ඉදිරිපත් නොකිරීම.
·	අනුන්ගේ රචනා, කෘති සොරකම් කිරීම ගර්හාවට කරුණක් වන අතර බොහෝ අවස්ථාවල නීති විරෝධි වේ. (බලන්න Copy right - කර්තෘ අයිතිය) 

නිවැරදි භාවය සහ සත්‍ය වාර්තාකරණය සඳහා ප්‍රමිතීන්

·	කථාවක් පිළියෙල කිරීමට වෙන් කළ කාලයක් සහ තිබෙන ඉඩකඩ ප්‍රමාණය දුන් විට සහ තොරතුරු සොයා යාමේදී වාර්තාකරුවන් හැකි සෑම විටම හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කිරීම බලාපොරොත්තු වේ.
·	කිසියම් සිද්ධියක් පිළිබඳව තනි පුදගලයෙකු ඇසින් දුටු සාක්ෂියක් වාර්තා විය යුත්තේ එම තැනැත්තාටම ආරෝපණය කිරීමෙනි. සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා ඊට වැඩි නම් තොරතුරු තිබෙන ආකාරයෙන් වන අතර විවාදයට තුඩු දෙන කරුණු ඒ හැටියටම වාර්තා කළ යුතුය. 
·	ප්‍රකාශකයාගේ තවත් සේවකයෙකු විසින් ස්වාධීන කරුණු පරීක්ෂා කර බැලීම සුදුසු වේ.
·	වැරැද්දක් එළි වූ විට එහි නිවැරදි කිරීම්ද ප්‍රසිද්ධ කළ යුතුය. 
·	නඩුවල වගඋත්තරකරුවන් හැඳින්වීමේදී දඬුවම් ලබන තෙක් ඔවුන් හැඳින්විය යුත්තේ ‘වරද කළා යැයි කියන’ යෙදුම භාවිතා කරමිනි.

අපවාද සහ අපහාස සළකා බැලීම
·	ඇත්ත ප්‍රකාශ කිරීම කිසි දිනෙක අපහාසයක් නොවෙනවා මෙන්ම එය ඉතා වැදගත්ය. 
·	අප්‍රසිද්ධ පුද්ගලයින්ට රහසිගත ජීවිතයට අයිතියක් තිබෙන අතර ඔවුන් ගැන ප්‍රවෘත්ති ලිවීමේදී එය මහජන වුවමනා එපාකම්වලට එරෙහිව සමබර විය යුතුය. 
·	ප්‍රසිද්ධ පුද්ගලයන්ට රහසිගත ජීවිතයක් ගත කිරීමේදී සීමාවන් තිබේ.
·	ප්‍රකාශකයෝ ඔවුන්ගේ වාර්තාකරුවන්ට එරෙහිව අපහාස නඩු කටයුතුවලදී ඔවුන් ආරක්ෂා කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරති. 

හානි සීමා කිරීමේ මූලධර්ම

වාර්තාකරුවෙකු තමන්ගේ කිසියම් කාර්යක් කර ගෙන යාමේදී, සාධක එකතු කිරීම, සම්මුඛ සාකච්ඡා හැසිරවීම පර්යේෂණ කිරීම, පසුබිම පරික්ෂා කිරීම, ඡායා රූප ගැනීම, වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම ආදිය කිරීමට සමහර විට සිදු වේ. ඔහුට දැන ගැනීමට ලැබෙන සියලු දේ වාර්තා කළ යුතුද. එසේ නම් මෙය කෙරෙන්නේ කෙසේද, අනර්ථ, සීමා කිරීමේ මූලධර්ම යනු ප්‍රායෝගික සහ ආචාර ධර්ම පිළිබඳ උභතෝකෝටික ප්‍රශ්නයක් නිර්මාණය කරමින් සම්පූර්ණ හෙළිදරව්වේ අශුබවාදී ප්‍රථිඵලවලට කිසියම් බරක් යෙදීමයි. වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ආචාර ධර්ම සංග්‍රහයේ පහත සඳහන් උපදෙස් ඉදිරිපත් කර ඇත. මේවා බොහෝ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ප්‍රායෝගික පරමාදර්ශයන්හි නියෝජනයයි. මේවා කෙලින්ම සඳහන් කරන්නේ, 

·	පුවත් ආවරණයෙන් පීඩාවට පත් විය හැකි අය සම්බන්ධයෙන් කරුණාව දැක්වීම ළමයින් සහ අත්දැකීම් නැති ප්‍රභවයන් සහ විෂයන් ගැන කටයුතු කිරීමේදී විශේෂ සංවේදී කමක් දැක්වීම
·	ව්‍යසනයකට හෝ විපතකට කරදරයකට භාජනය වූ තැනැත්තන් ඡායාරූප ගත කිරීමේදී හෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී සංවේදී වීම. 
·	තොරතුරු එකතු කිරීම හා වාර්තා කිරීම ඇතැම් විට අනර්ථකර හෝ අපහසුතාවයට පත් කිරීමක් විය හැක. ප්‍රවෘත්ති ලුහුබැඳයාම ආඩම්බරයට බලපත්‍රයක් නොවේ. 
·	බලය, ආධිපත්‍ය සහ අවධානය බලාපොරොත්තු වන රජයේ සේවකයින් සහ අනෙකුත් අයට වඩා සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේම තොරතුරු පාලනයට විශාල අයිතියක් තිබෙන බව පිළිගැනීම කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට එබී බැලීම සාධාරණීකරණය කළ හැක්කේ විශාල මහජන අවශ්‍යතාවයකට පමණි.
·	හොඳ රසයක් ඇත්තෙකු බව පෙන්වීම - නපුරු ගුප්ත දේවල් පිළිබඳ උවමනාවට වඩා සෙවීමෙන් වැළකීම.
·	ලිංගික අපරාධවලට ගොදුරු වන බාල වයස්කාර වින්දිතයන් සහ සැකකරුවන් සම්බන්ධයෙන් විපරම් වීම. 
·	අපරාධයක සැකකරුවෙකුගේ සාධාරණ නඩු විභාගයක් සහ මහජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය සමබර කිරීම. 

ඉදිරිපත් කිරීම

ආචාරධර්ම ප්‍රමිතීන්, ඉදිරිපත් කිරීමේ ගුණාංගවල පොදු ප්‍රමිතීන් සමග පටලවා ගත යුතු නැත. 
 
·	නිවැරදිව කථා කිරීමේ හා ලිවීමේ භාෂාව (බොහෝ විට පෘථුලව කථා කරන ඉංග්‍රිසි වැනි විධිමත් භාෂාවක්)
·	පැහැදිලි බව 
·	සංරක්ෂිත භාවය (නැතහොත් ප්‍රකාශකගේ ඉඩකඩ මත රැඳෙන ගැඹුර.

[[ar:أخلاقيات الصحافة]]
[[ast:Deontoloxía Profesional Periodística]]
[[bs:Etika novinarstva]]
[[ca:Deontologia professional periodística]]
[[cs:Žurnalistická etika]]
[[en:Journalism ethics and standards]]
[[eo:Ĵurnalista etiko]]
[[es:Deontología profesional periodística]]
[[fr:Déontologie du journalisme]]
[[gl:Deontoloxía profesional xornalística]]
[[hr:Etika novinarstva]]
[[ja:報道倫理]]
[[pt:Ética jornalística]]
[[ro:Etică jurnalistică]]
[[ru:Журналистские этика и стандарты]]
[[sh:Novinarska etika]]
[[sk:Žurnalistická etika]]
[[sv:Pressetik]]