Revision 262312 of "කෞතුකාගාර" on siwiki{{delete|මෙම ලිපිය [[කෞතුකාගාර]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}}
කෞතුකාගාර මඟින් විද්‍යාත්මක, කලාත්මක හෝ ඓතිහාසික වටිනාකමකින් යුත් වස්තු එකතු කර ඒවා ආරක්ෂා කරන අතර ස්ථිර හෝ තාවකාලික විය හැකි ප්‍රදර්ශන භාණ්ඩ හරහා ඒවා මහජනයාට දැක බලා ගැනීමට සලස්වයි. බොහෝමයක් විශාල කෞතුකාගාර ලොව පුරා ඇති ප්‍රධාන නඟරවල ස්ථානගත වී ඇති අතර වඩා ප්‍රාදේශීය ඒවා කුඩා නඟර හා සමහරක් විට ගම්මාන ආශ්‍රිතව ද පිහිටයි. බොහෝමයක් කෞතුකාගාර වැඩිහිටියන්, ළමයින් හා පවුල් මෙන්ම විශේෂිත වෘත්තිකයන් ද ඇතුළත් ප්‍රේක්ෂකයන් විශාල පරාසයක් සඳහා වැඩසටහන් හා ක්‍රියාකාරකම් පිරිනමනයි. මහජනතාව වූ සඳහා වැඩසටහන් කෞතුකාගාර පීඨය හෝ ශ්‍රේෂ්ත්‍රයේ විශේෂඥයින්, චිත්‍රපටි, සංගීත හෝ නැටුම් ඉදිරිපත් කිරීම් හා තාක්ෂණික නිරූපණ මඟින් සිදු කරන දේශන හෝ ඉගැන්වීම්වලින් සමන්විත වේ. බොහෝ විට කෞතුකාගාර එය පිහිටා තිබෙන ප්‍රදේශයේ සංස්කෘතිය ගැන සැලකිල්ලක් දක්වයි. බොහෝමයක් කෞතුකාගාර කෞතුක ද්රව්යභෞතික ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදෙන නමුත් අන්තර් ක්‍රියාකාරී හා අතගා බැලීමට අනුබල දෙන සමහරක් ද ඇත. කෞතුකාගාර පිළිබඳ විද්‍යාවේ නූතන ප්රවනතා විෂයේ පරාසය පුළුල් කර ඇති අතර අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන භාණ්ඩ හඳුන්වාදී තිබේ. එමඟින් මහජනයාට පුද්ලයාගෙන් පුද්ගලයාට අත්දැකීම වෙනස් වන ක්‍රියාකාරකම් තෝරාගෙන ඒවායේ නිරත වීමට අවස්ථාව ලබා දෙයි. අන්තර්ජාලය හඳුන්වාදීමත් සමඟ අතාත්වික ප්‍රදර්ශන භාණ්ඩවල ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී ඇත. (රූප පෙන්වන හා පටිගත ශබ්ද ධාවනය කෙරෙන ප්‍රදර්ශන භාණ්ඩවල වෙබ් සංස්කරණ)
කෞතුකාගාර සාමාන්‍යයෙන් මහජනයාට විවෘතව පවතින අතර සමහරක් විට ඇතුළත් වීමේ ගාස්තුවක් අය කරනු ලබයි. සමහරක් කෞතුකාගාර මහජනයාගේ මුදලින් ක්‍රියාත්මක වන අතර ඒවාට ස්ථිරවම හෝ විශේෂිත දිනයන්හි දී නිදහස් ප්‍රවේශ ඇත. (උදාහරණ සතියකට වරක් හෝ වසරකට වරක්)
කෞතුකාගාර බොහෝවිට වස්තු විකිණීමෙහි නිරතව ඇති පුද්ගලික ගැලරි මෙන් ලාභ ඉපයීමේ චේතනාවෙන් ක්‍රියාත්මක නොවේ. රාජ්‍ය කෞතුකාගාර, රාජ්‍ය නොවන හෝ ලාභ නොඋපයන කෞතුකාගාර හා පුද්ගලික හිමිකාරීත්වය දරන හෝ පවුල් කෞතුකාගාර වර්තමානයේ දී දක්නට ඇත. කෞතුකාගාර සංස්කෘතීන් හා ඉතිහාසය පිළිබඳ ශ්‍රේෂ්ට ප්‍රභවයක් වේ.
[[ගොනුව: WinterPalaceAndAC.jpg|thumb|ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි සීත මාළිගයේ දර්ශනයක්, හර්මිටේජ් කෞතුකාගාරයේ නිවහන, මාළිග චතුරස්රයේ සිට.]]
== References ==
http://en.wikipedia.org/wiki/Museum#OverviewAll content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=262312.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|