Revision 263798 of "දඹුලු ලෙන් විහාරය - ඉතිහාසය" on siwiki{{delete| [[රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය]]complete article exists}}
== ඉතිහාසය ==
ක්‍රි.පු. 1 වැනි සියවස දක්වා ආපසු හැරී බැලීමේදී දක්නට ලැබෙන ආකර්ශනීය විහාරය දඹුල්ලයි. මෙහි ලෙන් පහක් තිබේ. ලෙන්වලට ඉහළින් කටාරම් කොටා ඇත්තේ ලෙන අභ්‍යන්තරයට වැසි ජලය ගලා ඒම වැළැක්වීමටයි. 1938දී ලෙන්වලට ආරුක්කු හැඩයෙන් යුත් කණු පේළි, ඇතුළුවීමේ දොරටු වලට ඉහළින් කුරිංචි (දෙබෑවුම් වහලේ අග යොදන තුන් හුලයේ බිත්ති) යොදා අලංකාර ලෙස නිර්මාණ කරන ලදී. ලෙන් ඇතුළේ වහල ඉතා සංකීර්ණ මෝස්තරවලින් හා බුදු දහමට සම්බන්ධ සිතුවම්වලින් අලංකාර කර ඇත. ලෙන තුළ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම මෙන්ම නොයෙකුත් දෙවි දේවතාවියන්ගේ ප්‍රතිමාද දක්නට ඇත.
දඹුලු ලෙන් විහාරය පෙර පරිදි අදටත් ශාසනික මෙහෙවරට දායක වන අතර අදටත් හොඳින් ආරක්ෂා වී තිබෙන පුරාණ ගොඩනැගිල්ලක් ලෙසද මෙය සැලකේ. මෙම ලෙන් සංකීර්ණයේ ඉතිහාසය ක්‍රි.පු.3-2 වැනි ශත වර්ෂ දක්වා දිව යයි. ඒ වන විටත් එය ප්‍රයෝජනයට ගැනෙමින් තිබිණ. වළගම්බා රජු විසින් ක්‍රි.පු. 1 වැනි සියවසේදී මෙම ලෙන්, ආශ්‍රමයන් තත්ත්වයට වෙනස් කරන්නට ඇතැයි සිතිය හැකිය. අනුරාධපුරයෙන් පිටුවහල් කරනු ලැබු ඔහු රාජ්‍යයට උරුම කමක් නොමැති දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් බේරී සිටීම පිණිස මෙම ස්ථානයේ රැකවරණය පැතුවේය. එසේ සිටි කාලය අවුරුදු 15 කි. නැවතත් රාජ්‍ය බලය හිමිකරගත් ඔහු විසින් පසුව කළගුණ සැලකීමක් වශයෙන් මෙහි විහාරයක් කරවන ලදී. තවත් බොහෝ රජවරුද මෙම ස්ථානය වැඩි දියුණු කළහ. 11 වැනි සියවස වන විට මෙම ලෙන් පුජනීය ස්ථානයක් බවට පත්වු අතර අද දක්වාම එසේ පවතී. ක්‍රි.ව. 1190 දි නිශ්ශංකමල්ල රජු විසින් මෙම ලෙනෙහි රන් ආලේප කොට බුදු පිළිම 70ක් පමණ එහි ඉදිකරවන ලද්දේය. 18 වෙනි සියවසේදී මහනුවර රජවරු විසින්ද මෙම ලෙන් විහාර සුණු පිරියම් කර ප්‍රතිසංස්කරණය කරන ලදහ .
== සටහන් ==
{|
|-
|[http://en.wikipedia.org/wiki/Dambulla_cave_temple#History Dambulla_cave_temple History]
|-
|}
[[en:Mahawamsa#Historical_Aspects]]
[[ප්‍රවර්ගය: විහාර]]
[[ප්‍රවර්ගය: බෞද්ධ සිද්ධස්ථාන]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=263798.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|