Revision 272551 of "බොන්සායි කලාව" on siwiki

{{db-copyvio|url=http://niroshabmv.wordpress.com/2009/09/25/%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94/}}

[[ගොනුව:Stemberger japanese yew.jpg|right|thumb]]
[[ගොනුව:Bonsai-kanji.png|right|thumb|‘‘බොන්සායි’’ යන්න ජපන් බසින්]]

'''බොන්සායි''' වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ. එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්‍ය ස්වරූපයට කෘතිම ලෙස ගසක් සකස් කිරීමයි .සකසා අවසන් වූ බොන්සයි පැලයක් ඉතා විශාල සහ වයස්ගත ගසක කුඩා අනුරුවක ස්වරූපයක් ගනී. ගසෙහි හැඩය හා ප්‍ර‍මාණය මනාව සුසංයෝගීවූ පෙනුමක් ලබා දීම මෙම නිර්මාණයෙහි වැදගත් අංගයකි. ආසන්න වශයෙන් 12, 13 සියවස් තුළ චීනයෙහි ඇරඹි මෙම රුක් රෝපණ කලාව ජපානය තුළ ප්‍ර‍ප‍්චලිත වූ අතර එහිදී වඩාත් වර්ධනය විය. ජපන් බසින් මෙම බොන්සායි යන්න සරලව ‘‘බඳුන් තුළ සිදුකරන වගාව’’ ලෙස පරිවර්තනය කළ හැක.

== බොන්සායි කලාවේ ව්‍යාප්තිය. ==

=== චීනය තුළ බොන්සායි ව්‍යාප්ත වීම ===
බොන්සායි කලාවේ ඉතිහාසය වසර දහස් ගණනකට ඈත අතීතයට දිවයයි. අතීතයේදී එය පුන්-සායි යන නමින් හැඳින්වූ අතර එවක මෙම රෝපණ කලාව උදෙසා යොදාගත් ක්‍රමවේදය වඩාත් සරල වූ බව සඳහන් වේ. පුන්-සායි යන්නෙන් අරුත් ගැන්වූයේ ‘‘සැකසීමකින් තොරව බඳුනක සිටවූ පැළය’’ යන්නයි.[[ගොනුව:BonsaiTridentMaple.jpg|210px|right|thumb]]

* ක‍්‍රිපූ. 221 සිට 206 දක්වා කාලය
මෙම රෝපණ කලාව පිළිබඳ ඓතිහාසික වශයෙන් ප‍්‍රථම මූලාශ‍්‍රය මෙම කාලය තුළදී චීනයෙන් හමුවේ එවක මෙම පුන්-සායි කලාව තුළ උල් සහිත බියකිරු පෙනුමෙන් යුත් මුල් සහ කඳන් ද, විහිදුනු අතුපතර සහිත වූද කුඩා බඳුන්වල සිටුවන ලද කුරු ගස් වඩාත් ජනප‍්‍රියව පැවතිණ. එසේම චීනයේ පූජනීය සංකේතය ලෙස සැළකෙන මකරුන් හා කුරුල්ලන් හා සමාන ස්වරූපයෙන් යුක්ත වූ පුන්-සායි ගස් සඳහා විශේෂ අවධානයක් වූ අතර එවන් නිර්මාණ සඳහා තෑගි බෝග පවා පිරිනමා ඇති බව වාර්තා වේ. 

* ක‍්‍රි.පූ. 206 සිට ක‍්‍රි.ව. 220 දක්වා කාලය 
මෙම කාලය තුළ පුන්-චිං නම් තවත් බොන්සායි කලා ක‍්‍රමවේදයක් පිළිබඳව වාර්තා වේ. ඒ මගින් ‘‘බඳුනක පැළ කරන ලද සකසන ලද පැළයක් වගා කිරීමේ ක්‍රමය’’ යන්න අදහස් වන අතර මෙම පුන්-චිං කලාවේ ඉතිහාසය හන් රාජ්‍ය සමය තෙක් විහිදෙයි. 

* ටැං අධිරාජ්‍යය සමය 
වසර 200 කට පමණ පසු චීනයේ ටැං අධිරාජ්‍යය සමය තුළ කුඩා දීසි වැනි බඳුන් තුළ වගා කරන ලද පයින්, සයිප‍්‍රස්, ප්ලම් සහ උණ වගාවන් තිබුණු බවට වාර්තාවන් හමුවේ. ක‍්‍රි.ව. 1000 ට පෙර සුං අධිරාජ්‍යය සමයේ මෙම පුන්සායි කලාව වර්ණනා කරමින් සහ එහි ක‍්‍රමවේදයන් විස්තර කරමින් ලියැවුණු සාහිත්‍යය විශාල ප‍්‍රමාණයක් තිබූ බවට වාර්තා වේ. 

* චී-ඉං අධිරාජ්‍යය සමය 
කුරු ගස් රෝපණ කලාව පිළිබඳ ඉගැන්වීම සැබැවින්ම ආරම්භ වූයේ මේ කාලය තුළදීය. ක‍්‍රි.ව. 1644 සිට 1911 දක්වා චී-ඉං අධිරාජ්‍යය සමය තුළ මෙම පුන්-චිං සහ පුන්-සායි කලාවන් රදළයන් අතර පමණක් නොව සමාජයේ විවිධ ස්තරයන් අතර ජනප‍්‍රිය විනෝදාංශයක් බවට පත්වුණි.

=== ජපානය තුළ බොන්සායි ව්‍යාප්ත වීම ===
බොන්සායි කලාවේ නිර්මාතෘ ලෙස චීනය හැඳින්වුව ද එය වඩාත් වර්ධනය කිරීම සහ වාණිජමය වටිනාකමක් ලබාදීමේ ගෞරවය ජපානයට හිමිවේ. 12 වන සියවස අතරතුර මෙම කුරු රුක්රෝපණ කලාව ජපානයට ව්‍යාප්ත වූ අතර එය උසස් නිපුණතාවයක් අවශ්‍ය වන කලාවක් ලෙස වර්ධනය විය.


[[ගොනුව:Japanese Larch bonsai.jpg|270px|left|thumb]]*12 වන සියවස 
ජපානය තුළ කමකුරා අධිරාජ්‍යය සමයේ සෙන් බුදුදහමේ ව්‍යාප්තිය හා සමගාමීව මෙම බොන්සායි කලාවද ව්‍යාප්ත වුනු අතර, එතැන් සිට එය සීඝ‍්‍රයෙන් ආසියානු කලාපය තුළ පැතිරිණි. ආරම්භයේදී එය මෙම කලාවට අවශ්‍යවන සංයමය සහ සියුම් කෞශල්‍යය හොඳින් පවතින ආරණ්‍යයන් හී වැඩ සිටින භික්ෂුන් අතර හා විද්වතුන් අතර වඩාත් ජනප‍්‍රියව පවැතුණි. ඔවුන් විසින් බොන්සායි පූජනීය වස්තුවක් ලෙස ගෞරවයට පාත‍්‍ර කරන ලදි. එය දෙවියන් හා මිනිසුන් අතර බැඳීමක් ඇති කරන්නා වූ ශුද්ධ වස්තුවක් ලෙස හඳුන්වන ලදි. කාලයාගේ අවෑමෙන් භික්ෂූන්ට හා ආරණ්‍යයන්ට සීමාව පැවති මෙම කලාව ජපානය තුළ රදලයන් අතරද ජනප‍්‍රිය වුනි. ඔවුනට එය ගෞරවය සහ සමාජ තත්වය පිළිබිඹු කිරීමේ සංකේතයක් බඳු විය.13වන සියවසේදී පමණ ස්වාභාවිකව වැඩුණු කුරුගස් බඳුන්තුල සිටුවා විකිණීම ජපානයේ සිදුව ඇත. මෙම කුරු පැළ සඳහා වූ ඉල්ලුම වැඩිවීමත් සමගම කෘතිමව එම පැළ නිර්මාණයට ජපන් ජාතිකයන් පෙළඹී ඇත. 

* 14 වන සියවස 
14 වන සියවස වන විට බොන්සායි කලාව වනාහී ඉතා උසස් කලාවක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර එය සමාජයේ උසස් තරයන්ගේ සිට සමාන්‍ය ජනතාව අතරද , ජපාන සංස්කෘතිය සහ සම්ප‍්‍රදායන් අතරද මුල් බැස ගන්නා ලදි. ඇතැම් මූලාශ‍්‍රයන්ට අනුව මුලදී ජපානයේ ආරණ්‍යයන්ට පමණක් මෙම කලාව සීමාවී තිබීම ජපානය තුළ මෙම කලාව ව්‍යාප්ත වීමට බාධාවක් වූ අතර , එය වර්ධනය වීම හා සාමාන්‍ය ජනතාව අතර පැතිරීම චීන ආක‍්‍රමණයන්ගෙන් පසුව සිදුව ඇත. 

* 17, 18 සියවස් 
මෙම කාලය තුළ බොන්සායි කලාවේ විශේෂ වර්ධනයක් හා ව්‍යාප්තියක් සිදුවූ බව අවබෝධ කරගත හැකිවේ. එයට හේතුව ලෙස චීනයේ සිට පලා ආ චූ - සුන් - ෂුයි නම් පුද්ගලයෙකු විසින් රැගෙන ආ බොන්සායි කලාව පිළිබඳ වූ විශාල සාහිත්‍ය එකතුවෙන් ජපාන බොන්සායි කලාව ලද ආභාසය දැක්විය හැක. 

* 19 වන සියවස
බොන්සායි කලාව පෙරදිග සිට අපරදිග ලොව පුරා ව්‍යාප්ත වී‍ම මෙම සියවස තුළ සිදුවේ. විශේෂයෙන් ජපානයට පැමිණි සංචාරකයින්ගේ මාර්ගයෙන් ජපානයයේ පැවති මෙම බොන්සායි කලාව වෙත ලෝකයේ අවධානය යොමු වීය. බටහිර ලෝකය තුලට බොන්සයි කලාව ව්‍යාප්තවීම මේ ඔස්සේ සිදුවේ. 


=== බටහිර ලෝකය තුල බොන්සායි ව්‍යාප්තවීම ===
[[ගොනුව:Evergeen bonsai in storage at the BBG, August 2, 2008.jpg|240px|right|thumb]]

ජපානයේ නිර්මාණය වූ බොන්සායි ආකෘතීන් විවිධ ප‍්‍රදර්ශනයන්හිදී විදේශික අවධානයට ලක්විනි. පැරිස් සහ වියානා නුවර පැවැත්වූ ලෝක මට්ටමේ ප‍්‍රදර්ශන තුලදී එලි දැක්වූ බොන්සායි නිර්මාණ විශාල වශයෙන් බටහිර ලෝකයේ අවධානය දිනගත් අතර එය ලොව පුරා මෙම කලාව ව්‍යාප්ත කිරීමට හේතු විය. බොන්සයි සඳහා වූ ඉල්ලුම වර්ධනය වීමත් සමග වාණිජ මට්ටමින් බොන්සයි නිර්මාණය කිරීමට ජපන් ජාතිකයින් යොමුව ඇත. ජපාන අභාසය සහිතව අපරදිග තුල මෙම කළාව ප‍්‍රචලිත වූ නමුදු මුල්