Revision 323594 of "දේශීය අත්කම් භාණ්ඩ" on siwikiලක්සල ශ්‍රී ලංකා රජයට අයත් එකම ත්‍යාග හා සිහිවටන අලෙවි මධ්‍යසථානයයි. එය 1982 දී පාර්ලිමේන්තු පණතක් මගින් පිහිටුවනු ලැබීය. එදා සිට අද වන විට ලක්සල අලෙවි භාණ්ඩ රැසකින් යුක්තව දිවයින පුරා ශාඛා 10 ක ජාලයක් ලෙස විහිදී පවතී. කෙමෙන් නවීකරණය වූ ලක්සල අද ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු අංග සම්පූර්ණ ප්‍රධාන අලෙවි හලකින් යුක්තව ශ්‍රී ලංකාවේ විවිධ ත්‍යාග හා සිහිවටන භාණ්ඩ ලක්වාසී හා විදේශීය දහස් ගණනකගේ අවශ්‍යතා සපුරමින් සිටී. ලක්සල අලෙවි හල් එසේ අලෙවි කරන්නේ දිවයින පුරා විහිදී සිටින දහස් ගණනක්වූ දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් ගේ ලක්ෂයකට අධික පවුල් සාමාජිකයන් ද ජීවත් කරවමිනි. අප රටේ ජීවත්වන දහස් ගණක් වූ පාරම්පරික අත්කම් භාණ්ඩ නිෂ්පාදකයනට සුපුරු අලෙවි මධ්‍යස්ථානයක දොර හැර දෙමින් ඔවුනගේ අත මිට සරු කිරීම ලක්සල ප්‍රධාන අරමුණ වන්නේය. පාරම්පරික පිත්තල හා රිදී කැටයම් කරුවන්ගේ අනර්ඝ නිමැවුම් මෙන්ම, මැණික් හා ස්වර්ණාභරණ නිර්මාණ කරුවන්ටද, ලාක්ෂා කර්මාන්ත හා සම්ප්‍රදායික වෙස්මුහුණු කැටයම් කරුවන්ට ද තම අනගි නිර්මාණ විදේශිකයනට සාධාරණ මිළකට අලෙවි කරවා ගෙන ඉහල ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. බතික් රෙදිපිළි මෙන්ම සම්භාණ්ඩ නිෂ්පාදකයන් ද තම අනගි නිෂ්පාදන ලක්සල වෙළදපලට එක් කර ඇත. පන් කර්මාන්තය, තල්කොළ හා හණ කර්මාන්තය මෙන්ම අතීත උරුමය සිහිපත් කරවමින් කිතුල් මල් රැහැණින් වියාගත් විවිධ ඇසුරුම් ද ලක්සල තුලදී මිළදී ගත හැක. ශ්‍රී ලංකාවේ ඉස්තරම්ම තේ නිෂ්පාදන සිත්ගන්නා සුලු ඇසුරුම් වලින් නිමවී ත්‍යාග දීමේ අංගයක් බවට පත්වී තිබෙන අයුරු ද, නොයෙකුත් කුලුබඩු වර්ග, කිතුල් පැණි හා කජු ආදී නිෂ්පාදන ද ත්‍යාග භාණ්ඩ බවට පත්වී ලක්සල තුල ඇත. එමෙන්ම දේශීය නිෂ්පාදකයන්ගේ ගෘහ කර්මාන්තයන් ලෙස වැඩි දියුණු කර ඇති රෙදි නිමැවුම්, කඩදාලි පල්ප් නිමැවුම්, ලී ක්‍රීඩා භාණ්ඩ ආදිය ද මෙහි අලෙවි කිරීම තුළින් එම නිෂ්පාදකයනට ද වටිනා වෙළදපොලක් සපයා දී ඇත. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?oldid=323594.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|