Revision 338814 of "පරණ සිංහල සින්දු" on siwiki

== සිංහල පැරණි ගී ==
ගීයක් යනු පද රචකයාගේත් , ගායකයාගේත් , තනු නිර්මාණකයාගේත් සංකලනයකි.ලංකාවේ සිංහල සින්දු ආරම්භ වන්නේ ඉතා දිගු කාලයක සිටය.නමුත් කේ.එම්.බලිවාලා ගේ හා අලගුනායිදු ගේ පිළිවෙළින් නුර්ති හා නාඩගම් මෙන් ම ප්‍රශස්ති , වන්නම් , සොකරි , කෝලම් වැනි නාටක වලින් ද සිංහල ගී නිර්මාණය විය. සිංහල ගීයක අරුමය ම්‍රුළු ලොවටම විදහා පෑමට අපට අවස්ථාවක් හමුවූයේ 20 වන සියවසේදී ග්‍රැමෆෝනයේ ලංකා ගමනයත් සමඟින් ය.මුලින් ම මෙම ග්‍රැමෆෝනය තුළ නූර්ති නාඩගම් ගී පටිගත වුව ද පසුව තම ස්වාධීන ගී පටිගත කිරීමට තරම් අපි දියුණු වීමු.සුනිල් සාන්ත , ආනන්ද සමරකෝන් , මෙහොමඩ් ගවුස් , බී.ඇස්.පෙරේරා , ආර්.මුත්තුසාමි වැනි සංගීතඥයින් බිහිකළ පැරණ ස්වාධීන තනු ඉතා විශිෂ්ට ඒවා විය. ඒ අතර තුර ගුවන් විදුලිය 1925 දී ශ්‍රි ලංකාවට සංක්‍රමණය විය. එහිදී පටිගත කළ මුල්ම සිංහල ගීතය වනුයේ සුනිල් සාන්තයන්ගේ ඕලු පිපීලා විල ලෙලදෙනවා ගීතයයි.එයින් ආරම්භ වුණු සිංහල සරල ගී අද වන විටත් මහා ජනප්‍රසාදයකට පාත්‍ර වී ඇත.එමෙන්ම චිත්‍රපටය ලංකාවට හඳුන්වාදීමත් සමඟම තවත් විශාල සිංහල සරල ගී බොහොමයක් නිර්මාණය වී ඇත.ඉන්පසු ආනන්ද සමරකෝන්,ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව,රුක්මණි දේවී, කලාවතී,සුනිල් එදිරිසිංහ,එච්.ආර්.ජෝතිපාල,මිල්ටන් මල්ලවආරච්චි,සිසිර සේනාරත්න,විශාරද නන්දා මාලනී,වික්ටර් රත්නායක,විශාරද ගුණදාස කපුගේ,ඉන්ද්‍රානි සේනාරත්න,ලතා වල්පොල,ඇන්ජලීන් ගුණතිලක,මිල්ටන් පෙරේරා,ශෙල්ටන් පෙරේරා,ග්‍රේෂන් ආනන්ද වැනි ගායකයන්ගේ හඬවල් මහගමසේකර,සුනිල් ආරියරත්න,කුමාරදාස සපුතන්ත්‍රී,කුමාරතුංග මුනිදාස,රත්න ශ්‍රී විජේසිංහ වැනි අගගේ පද රචනයට හා සුනිල් සාන්ත,අමරදේව,ආනන්ද සමරකෝන්,ප්‍රේමසිරි කේමදාස,රෝහන වීරසිංහ,සරත් දසනායක,සරත් ද අල්විස්,ස්ටැන්ලි පීරිස් වැනි අයගේ තනුවට මුසු වී ඇත.එදා මෙදා තුර සිංහල භාෂාවෙන් ලියැවුණු ගී බොහොමයකි.
මව්පියො ආදී - එච්.ඩබ්.රූපසිංහ , කෝකිල දේවී
දැඩිකල මාතා - රුක්මණී දේවී
කෝකිලයන්ගේ - සුනිල් සාන්ත
කරුණා නදියේ - ආනන්ද සමරකෝන්
බැස සිතල ගඟුලේ -   “
ලෝ අඩ නින්දේ - ලතා වල්පොල  , සී.ටී.ප්‍රනාන්දු
වැලි තල අතරේ - අමරදේව
නීල කොබෙයි - අමරදේව
සඳකඬ පහනක - සුනිල් එදිරිසිංහ
මේ නොනිමෙන - ජෝතිපාල
නිල්ල නඟන - මිල්ටන් මල්ලවාරච්චි
දවසක් පැල - ගුණදාස කපුගේ
මෙවැනි ගීත විශාල ප්‍රමාණයක් සිංහල ගී සාහිත්‍යයයේ අඩංගුය. ඒවා ඉදිරිපත් කිරීමට ඉතා අපහසුය.
මෙම විචාරය ඉතා සාරාංශගතව ඉදිරිපත් කළ නිසා මෙහි විවිධ ගායකයන් , පද රචකයන් , තනු නිර්මාණකයන් , ගීත අතපසු වී ඇත. ඒ පිළිබඳ ව මාගේ කණගාටුව මා මෙයින් පළ කර සිටිමි.
                                                                              රචනය හා අදහස:-  ඩිල්ෂ වැලිවිට
                                                                                               ගණේමුල්ල,
                                                                                               ශ්‍රී ලංකාව.