Difference between revisions 902026 and 904231 on sourceswiki

{{delete|Not appropriate here, Out of project scope}}

===7===
ත්‍රසිමෙනුස් හී සිදුවූ පසිඳු සටන මෙය වන අතර, රෝමයට එහිදී සිදුවු ව්‍යසනය තවත් එවැනි සිදුවීම් කිහිපයකදී මෙන්ම අමතක නොවැන්නක් විය. සටනෙහිදී රෝමානුවන් පසළොස් දහසක් මිය ගියහ; පලායිතයෝ 1000 දෙනා ඉතුරූරියාව පුරා විසිර ගොස් සිටි අතර විවිධ මං පෙත් ගනිමින් නගරය වෙත පැමිණියහ; සටන් බිමෙහිදී සතුරන් 2500 වැනසුනු අතර, හමුදා දෙකෙහිම බොහෝ දෙනා ලත් තුවාල නිසා පසුව මිය ගියහ. වෙනත් කතුවරුන් විසින් දෙපසෙහි හානිය බොහෝ වාරයක් වැඩි කොට දක්වතත්, කතුවරුන් විසින් බෙහෙවින් සිදු කෙරෙන පලක් නැති අතිශයෝක්තියන්ට අවකාශ සැලසීම ම(contracted; show full)මින් මහේස්ත්‍රාත්වරුන්ගේ පැමිණිම ඉල්ලා සිටියහ. අවසානයේදී, ඉර බැස යාමට මදකට පෙර, මා. පොම්පානියුස්, ප්‍රීටර මහේස්ත්‍රාත්වරයා නිවේදනය කලේ, "මහා සටනකදී අප පරාජය කරනු ලැබ ඇත." මෙයට වඩා පැහැදිලි යමක් ඔහු විසින් නොපැවසුවද, එකිනෙකා වෙතින් ලැබූ වාර්තා අතිමහත් ප්‍රමාණයක් සහිත වූ ජනතාව, ඔහුගේ හමුදාවේ විශාල කොටසක් සමගින් කොන්සල්වරයා මිය ගොස් ඇති බවත්; කිහිප දෙනෙක් පමණක් දිවි ගලවා ගෙන ඇති බවත්, ඔවුන්ද  ඉතුරූරියාව පුරා විසිරී ගොස් හෝ සතුරා විසින් සිරකරුවන් මෙන් රඳවා ගෙන ඇති බවත් යන පුවත් නිවෙස් වෙත රැගෙන ගියහ.