Revision 904231 of "නගරය ආරම්භ කිරීමේ සිට/පොත 22" on sourceswiki

{{delete|Not appropriate here, Out of project scope}}

===7===
ත්‍රසිමෙනුස් හී සිදුවූ පසිඳු සටන මෙය වන අතර, රෝමයට එහිදී සිදුවු ව්‍යසනය තවත් එවැනි සිදුවීම් කිහිපයකදී මෙන්ම අමතක නොවැන්නක් විය. සටනෙහිදී රෝමානුවන් පසළොස් දහසක් මිය ගියහ; පලායිතයෝ 1000 දෙනා ඉතුරූරියාව පුරා විසිර ගොස් සිටි අතර විවිධ මං පෙත් ගනිමින් නගරය වෙත පැමිණියහ; සටන් බිමෙහිදී සතුරන් 2500 වැනසුනු අතර, හමුදා දෙකෙහිම බොහෝ දෙනා ලත් තුවාල නිසා පසුව මිය ගියහ. වෙනත් කතුවරුන් විසින් දෙපසෙහි හානිය බොහෝ වාරයක් වැඩි කොට දක්වතත්, කතුවරුන් විසින් බෙහෙවින් සිදු කෙරෙන පලක් නැති අතිශයෝක්තියන්ට අවකාශ සැලසීම මා විසින් ප්‍රතික්ෂේප කරන අතර, වඩා වැදගත් වන්නේ යුද්ධය පැවති කාලයෙහි ජීවත්වූ ෆේබියස් ගේ අධිකාරිමය වාර්තා මත මගේ ලේඛන පදනම් වීමය. මිත්‍ර පාක්ෂිකයන්ට අයත්වූ සිරකරුවන් හැනිබල් විසින් වන්දියක් නොමැතිවම ප්‍රතික්ෂේප කරන ලද අතර රෝමානුවන් දම්වැලෙන් බඳිනු ලැබූහ. මරා දන ලද සහ වලලන ලද්දන්ගේ ගොඩවලින් ඔහුගේ භටයන්ගේ මළ සිරුරු සොයා ගන්නා ලෙස ඔහු ඉන්පසු අණ ලබා දුනි; ෆ්ලාමිනියුස්ගේ දේහය පිළිබඳ පරෙස්සම් සහිතව සොයා බලා එයට ගෞරවාන්විත භූමිදානය ලබා දෙන මෙන් අණ ලබා දී තිබුණද එය සොයා ගත නොහැකි විය. ව්‍යසනය පිළිබඳ පුවත රෝමයට සැලවූ වහාම මහත් සන්ත්‍රාසයට සහ ආකූලතාවයට පත් ජනතාව විනිශ්චයශාලාව වෙත රොක් වූහ. වීදිවල ඉබාගාතේ ඇවිද ගිය මවුවරුන් ඔවුන්ට හමුවූවන්ගෙන් ව්‍යසනයේ අළුත්ම තත්ත්වය පිළිබඳ විමසූ අතර හමුදාව පිළිබඳ කුමන තොරතුරු ඇතිදැයි විමසූහ. සම්මේලනයතට රැස්වූ ජන සන්නිපාතයක් මෙන් මහත්වූ විනිශ්චයශාලාව වෙත රොක්වූ ජන කැල, එළිමහන් රැස්වීම් ස්ථානය කොමිටියුම් සහ සෙනෙට් ශාලාව වෙත පොදි ගැසෙමින් මහේස්ත්‍රාත්වරුන්ගේ පැමිණිම ඉල්ලා සිටියහ. අවසානයේදී, ඉර බැස යාමට මදකට පෙර, මා. පොම්පානියුස්, ප්‍රීටර මහේස්ත්‍රාත්වරයා නිවේදනය කලේ, "මහා සටනකදී අප පරාජය කරනු ලැබ ඇත." මෙයට වඩා පැහැදිලි යමක් ඔහු විසින් නොපැවසුවද, එකිනෙකා වෙතින් ලැබූ වාර්තා අතිමහත් ප්‍රමාණයක් සහිත වූ ජනතාව, ඔහුගේ හමුදාවේ විශාල කොටසක් සමගින් කොන්සල්වරයා මිය ගොස් ඇති බවත්; කිහිප දෙනෙක් පමණක් දිවි ගලවා ගෙන ඇති බවත්, ඔවුන්ද  ඉතුරූරියාව පුරා විසිරී ගොස් හෝ සතුරා විසින් සිරකරුවන් මෙන් රඳවා ගෙන ඇති බවත් යන පුවත් නිවෙස් වෙත රැගෙන ගියහ.