Difference between revisions 236374 and 236375 on siwiki

== දැන්වීම් පිටුව වනාහි ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණය තුළ නව ආරක් ගත් ජාල අඩවියකි. ජාල අඩවිය : http://www.dpads.lk



 ==

==== ශ්‍රී ලංකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රය මේ වනවිට අන්තර්ජාලය වෙත ද යොමුව ඇතත්, සිංහල දැන්වීම්කරණය ප්‍රමාණවත් අන්දමින් අන්තර්ජාලය වෙත යොමුව තිබෙනු අපට දැකගත නොහැකිය. සිංහල බසින් දැන්වීම් පළ කළ හැකි ජාල අඩවීන් ඉතා අල්ප වීමත්, සිංහල දැන්වීම්කරණය සඳහා ම වෙන්වූ පරිපූර්ණ දැන්වීම් අවකාශයක් අප සතුව නොමැති වීමත් ඊට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.
‍
(contracted; show full)

ඊට අමතරව දැන්වීම් පළකරන පාඨකයන් උදෙසා වන ‍ඇඩ්වර්ටයිසින් බොනැන්සා වැඩසටහන මඟින්, සෑම මසකම රු. 15,000/= බැගින් මුදල් ත්‍යාග ලබාගැනීමේ හැකියාව ඇත. එසේම සොයන්න දිනන්න ඔස්සේ අප විසින් ඉදිරිපත් කර ඇති ගැටලුවට නිවැරදි විසඳුම් ලබාදී රු. 5,000/= බැගින් දිනාගැනීමට සියලුදෙනාට ම අවස්ථාව ඇත.

දැන්වීම් පළකරන ආකාරය පිළිබඳ සියලු තොරතුරු, මෙහි දායකත්වය වෙත පිවිසීමෙන් ඔබට ලබාගත හැකියාව ඇත.



 ====
=== දැන්වීම් පිටුව තුළින්, මෙහෙයුම්කරුවන් වශයෙන් අප ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් පහත දැක්වේ:

1. # සියලුම ලුහු‍ඞු දැන්වීම්, ප්‍රධාන අංශ හයක් (06) ඔස්සේ ඉදිරිපත් කිරීම තුළින් එක් අංශයක දැන්වීම් නරඹන්නන් වෙනුවෙන් තම අවශ්‍යතාවයට නිවැරදිව ම ගැලපෙන සේවාදායකයා තෝරාගෙන, එමඟින් ඔහුගේ/ඇයගේ අවශ්‍යතාවය තෘප්තිමත් හා සාර්ථක ලෙස ඉටුකර ගැනීමට අවස්ථාව සැලසීම.

2.  
# මංගල විමසුම් සේවාව මඟින්, අදාළ පාර්ශ්වයන් වෙත තම සුබ සිහිනය සැබෑ කරගන්නට සැබෑ දායකත්වයක් සැපයීම.

3.  
# අවම මූල්‍ය හා කාල පිරිවැයකින් තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සියලුදෙනාට අවස්ථාව සැලසීම.

4.  
# කඩදාසි භාවිතය හැකිතාක් අවම කිරීම සහ එමගින් වන පරිසර දූෂණයත්, අනවශ්‍ය මූල්‍ය පිරිවැයත් අවම කිරීමට දායක වීම.

5.  
# සිංහල භාෂාව, පරිගණක සහ තොරතුරු තාක්ෂණය අපරට තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම.

6. 
# අවම පිරිවැයකට ගුණාත්මක සේවාවක් සැපයීම මඟින් අපගේ පා්‍ඨකයන් වෙත තවදුරටත් සමීපව කටයුතු කිරීම හා සමස්තයක් ලෙස අපරටේ අන්තර්ජාල දැන්වීම්කරණය තුළ ගුණාත්මක වෙනසක් ඇතිකිරීම.


 ===
==== ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහා දැක්වීම සඳහා සෑම පිටුවක ම ඉහළින් ජාතික ධජය යොදා ඇත. ඔබවෙත ලබාදීමට පෙර, ජනප්‍රිය ජාල ගවේෂක මෘදුකාංග හතරක් (04) ඔස්සේ ‍දැන්වීම් පිටුව පරික්ෂා කර ඇත. ඔබට කිසිඳු අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට, උපරිම උත්සාහය අප විසින් දරා ඇත.



 ====

=== හතු පිපෙන්නා සේ බිහිවන දැන්වීම් සයිට් ගොන්නට ඇතුළත් කළ හැකි තවත් දැන්වීම් සයිට් එකක් නොවන මෙය, දැන්වීම්කරණයෙන් ඔබ්බට ගොස් තවත් වටිනා අයිතමයන් කිහිපයක් අපගේ පාඨකයින් වෙත තිළිණ කර ඇත.

I.# ඇඩ්වර්ටයිසින් බොනැන්සා මඟින් මාසිකව රු. 15,000/= ක මුදල් ත්‍යාග

II.# සොයන්න දිනන්න මඟින් රු. 5,000/= ක මුදල් ත්‍යාග

III.# දැන්වීම් පිළිබඳ විස්තර ලබාදෙන SMS සේවාව

IV. # සතිපතා පිටවන ගැසට් පත්‍රය

V. # තැපැල් සංකේත අංක

VI. # දවසේ උණුසුම් පුවත්

VII. # දවසේ පත්තරය

VIII.# සතියේ ගීතය



 ===

==== සම්පූර්ණයෙන් ම සිංහල යුනිකේත අක්ෂර භාවිතයෙන් සේවාවන් සලසන දැන්වීම් පිටුවේ මූලික අරමුණ වන්නේ අවම කාල හා මූල්‍ය පිරිවැයකින් පාඨකයින් වෙත සේවාවන් සැලසීමයි. අපරටේ අන්තර්ජාලය භාවිත කරන පිරිස අතර අඩු වේග සබඳතා ඇති පිරිස ද බොහෝ ය. සියලු දෙනාට සමාන සේවාවක් සැලසීමේ අරමුණින්, අනවශ්‍ය රූපරාමු, වීඩියෝ ගොනු ආදිය ඉවත් කර ඇත. බහුමාධ්‍ය (Multimedia) තාක්ෂණය භාවිත කරමින් ඉතා මනරම් ආකාරයෙන් දැන්වීම් පිටුව ඔබවෙත ගෙනඑන්නට අපට හැකියාව ඇතත්, එමඟින් අඩුවේග සබඳතා භාවිත කරන්නවුන්ට යම් බලපෑමක් සිදුවන නිසාවෙන්, ඒවා භාවිත නොකරන්නට අපි තීරණය කළෙමු. ඉතා සරලව, වේගවත් සේවාවක් ඔබට‍ සැපයීම අපගේ බලා‍පොරොත්තුවයි.

ශ්‍රී ලාංකේය අන්තර්ජාල දැන්වීම්කරණයේ උන්නතිය වෙනුවෙන් බිහිවුණු පරිපූර්ණ සිංහල ජාල අඩවිය වන දැන්වීම් පිටුව තුළ එන කිසිවක්, මෙහෙයුම්කරුවන්ගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවෙකුට උපුටාගැනීම සිදුකළ නොහැක. එසේ කිරීම, දඞුවම් ලැබිය හැකි වරදක් වන්නේ ය.

මුලු ලෝකය ම‍ වේගවත් දියුණුවක් කරා යන මේ මොහොතේ, අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යන කියමන පසක් කරගෙන, අලුත් ආරක මඟක් වෙත අපේ දැන්වීම් කලාව ගෙනයාම සඳහා අප දරනා ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වන්නට සුහද සිතින් යුතුව අපි ඔබට ආරාධනා කරන්නෙමු.

මෙහි ඉදිරි දියුණුව සඳහා ඔ‍බගේ අදහස් හා යෝජනා අපට ඉතා වැදගත් ය. ඒ වෙනුවෙන් ඔබට යම් කාලයක් කැපකළ හැකිනම්, අපි එය ඉතා අගය කොට සලකමු. ඒ සඳහා ඕනෑම අවස්ථාවක ඔබට අප සම්බන්ධ කරගත හැක.

<ref>දැන්වීම් පිටුව</ref> ====