Difference between revisions 260170 and 260172 on siwiki{{db-copyvio|url=http://www.sarasaviya.lk/2011/10/06/_art.asp?fn=sa11100614&pn=28}}⏎ == Tharushi Saubhagya ==
වලවේ මිටියාවතේ ඇළ පාරක් අයිනේ පුංචි නිවහනක්. අහස් කුසෙහි රත් පැහැයෙන් සිත්තම් ඇඳේදී මේ නිවෙස අසලින් යන අයට ඇසෙන්නේ ඇළ පාරේ හඬ පරදවමින් නැඟෙන එකම මිහිරි ගීත රාවයක්. මෙහොතකට හෝ නැවතී ඒ ගීත රාවයට සවන් යොමන්න කාටද නොසිතෙන්නේ?

තාත්තයි, ලොකු දුවයි, අඩි දෙකක්වත් උස නැති පුංචි දෝණියි හරි හරියට ගී ගයනවා. අම්මා පැත්තකට වෙලා අත් වැල සපයනවා. කාගේත් ඇස් යන්නෙ පුංචි දෝණිට.

නිල් පාට රවුම් ඇස් පොඩි ඒ මේ අත හරවමින්, මවගේ කිරි සුවඳ රැඳි සිඟිති තොල් දඟකාරකමට පෙරලමින්, මොලකැටි පා පොඩි තාලයකට නටවමින් පුංචි දෝණි ගී ගයන අපූරුව බලන්න එක්කෙනා, එක්කෙනා සෙනඟ අතරට එකතු වෙනවා. අන්තිමට නිවෙස ඉදිරියේ එකම හිස් ගොඩක්.

height="536">දැන් වලවේ මිටියාවතේ, ඇඹිලිපිටියේ, ඩී 13 ඇල ළඟ නිවෙස අසල පමණක් නොවෙයි, රට පුරාම සෙනඟ මේ පුංචිම පුංචි ගායිකාවගේ හපන්කම් බලන්න එක් රැස් වෙනවා. හරියටම සවස හතට දෙරණ නාලිකාවෙන් විකාශය කෙරෙන ‘දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් ෆෝ’ නැරැඹීමට පුංචි තිරය වටේ රොද බැඳ ගන්න කවුරු කවුරුත් හනි හනිකට සියලුම රාජකාරි අවසන් කරනවා.

වයස අවුරුදු තුනේ පොඩිත්තියගේ ගීතය විකාශය වෙන තුරු කාටත් ඉස්පාසුවක් නැහැ. තරුෂි සෞභාග්‍යා මේ පුංචි දෝණිගෙ නමයි. ගායන ලෝකයට අලුතින් එක් වුණු පුංචිම ගායිකාව තරුෂියි. අප දන්නා ගීත ඉතිහාසයේත් මෙතරම් කුඩා ගායිකාවක් ගැන අසන්නට ලැබී නැහැ. ආරංචි හැටියට අසල්වැසි ඉන්දියාවේ රියැලිටි වැඩ සටහනකවත් මෙතරම් කුඩා දැරියක් ගී ගයා නැහැ. ළමා ගීත ලොවට පායන තරු කැට අතර තරුෂි සුවිශේෂී වන්නේත් ඒ නිසයි.

තරුෂි සෞභාග්‍යා මුලින්ම තාලයකට ගී පද මුමුණන්න ගත්තෙ වයස අවුරුදු එකහමාරේදීයි. තරුෂිගේ අක්කා හෂිණීි චමෝදිත් ගී ගයන්න හපනියක්. 2009 වසරේදී දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඇය වයස අවුරුදු දොළහෙන් පහළ තරඟ වටයට ඉදිරිපත් වුණා. අක්කා තරගයට ගීත පුහුණු වෙද්දී, අක්කා වටේ දැවටෙමින් නංගි වචන තාලයට ගයන්න පටන් ගත්තා.

තරගයට අක්කා ගී ගයන විට මවගේ උකුළේ සිට තරුෂිත් ඒ ගී ගැයුවා. ඉන් පසුව තරුෂි කතා කරනවටත් වඩා කළේ ගී ගයන එකයි. පුංචි දෝණිගෙ හැකියාව දැක්කම අම්මා, තුෂාරි ප්‍රියදර්ශනී, ලිට්ල් ස්ටාර් තරගයට ඉල්ලුම් පතක් දැම්මා. තරුෂි අම්මගෙන් කිරි බොන එක නතර කරලා තියෙන්නේ තරගයට ඉදිරිපත් වෙන කාලයේදී.

තරගයට ළමයි පනස් හයදාහක් ඇවිත්. ඒ පනස් හයදහස අතර සිටි පුංචිම තරගකාරිය තරුෂියි. දම් පාට ගවුමකින් සැරසී පුංචි මල් කුමාරියක් වගේ සිටි හැඩකාර තරුෂි දකින කාටත් මතක් වුණේ පුංචි බෝනික්කියක්. හරියට වචන කියන්නවත් බැරි වයසක සිටින මේ පැංචි ගීත ගයන්නෙ කොහොමද? එදා තරුෂි දුටු ගමන් විනිශ්චය මණ්ඩලයටත් එසේ සිතෙන්නට ඇති. එහෙත් තරුෂි සෞභාග්‍යා ගී ගැයීම ඇරැඹූ පසු කාටත් ඉහළ ගත් හුස්ම පහළට හෙළන්න සිතුණේ නැහැ. සැබැවින්ම තරුෂිගේ ගායන හැකියාව ආශ්චර්යයක්. ඒ නිසාමයි ඇය වයස අවුරුදු අටෙන් පහළ තරග අංශයේ අවසන් තරගකාරියන් තුන්දෙනා අතර සිටින්නේත්.

මේ පුංචි දෝණි හපන්කම් පාන්නේ ගී ගයන්න පමණක් නොවෙයි. නටන්න, රඟපාන්න, පුංචි මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කරන්නත් තරුෂි බබාට පුළුවන්. ඒ කිසිම දෙයක් කවරදාවත්, කවුරුවත් තරුෂිට කියා දීලා නම් නැහැ. ඕගනය ඇගේ පුංචි ඇඟිලි තුඩින් වාදන කෙරෙන්නේත් සංසාර පුරුද්දකට වාගෙයි.

තරුෂිගෙ පියා, සමන් කුමාර ගිනි මද්දහනේ සිමෙන්ති, වැලි, හුණු සමඟ පොර බදිමින්, ජීවිතය ජය ගන්න උත්සාහ ගන්න මේසන් බාස් කෙනෙක්. එහෙත් ඔහුත් හොඳ ගායකයෙක්. සමන් කුමාරගේ පවුලේ සියලුම සාමාජිකයන්ට ගී ගැයීමේ හැකියාව තිබෙනවා. තරුෂිගෙ මාමා සංගීත කණ්ඩායමක හිමිකරුවෙක්.

අත මිට පුරා කාසි පනම් නැතත්, ලෝභකමක් නැතිව සරස්වතී දේවියගෙන් තරුෂි සෞභාග්‍යා දූට ලබා දී ඇති හැකියාවට, දිරියක් ආශිර්වාදයක් වෙන්න සමන් කුමාර පියාත්, තුෂාරි ප්‍රියදර්ශනී මවත් නොගන්නා උත්සාහයක් නැහැ.

ලිට්ල් ස්ටාර් සමහර තරග වටවලදී පුංචි දෝණිට ඇඳුම් තුනක් අන්දන්න වෙනවා. ඒවාට ඉහළ මුදලක් වැය වෙනවා. වැඩ සටහනකට සහභාගි වීමට නිතර නිතර ඇඹිලිපිටියේ සිට බස් රියෙන් කොළඹ පැමිණීමත් පහසු කටයුත්තක් නොවෙයි. කොළඹ ආපසු මේ පවුල දින 3 – 5 මිතුරු ගෙදරක නතර වී සිටිනවා. අම්මා, තාත්තා මේ සියලු කැප කිරීම් කරන්නේ, කවරදාක හෝ රශ්මි සංගීතා, කිත්සිරි ජයසේකර වැනි ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබා දෙමින්, පුංචි දෝණිත් හෙළ ගීී කෙත සරුසාර ගීතාවලියකින් අස්වද්දනු දකින බලාපොරොත්තුවෙනුයි.

තවම මයික්‍රෆෝනය එක් අතකින් අල්ලා ගන්න තරමටවත් උස් මහත් වී නැතත්, දැනටමත් ඇය ගීත ලොවේ දිගු ගමනක් යන බවට පෙරනිමිති පළකර අවසන්.

ඉරි, බෝල අඳින, අකුරක්වත් ලියන්න දන්නෙ නැති, මේ පුංචි පැංචි, ලොකු අය කියන බොහොමයක් වචනවල තේරුම දන්නෙ නැහැ. ඒත් දූ කැමැති දක්ෂතම තරුව වෙන්න ද, ජනප්‍රිය තරුව වෙන්න ද කියලා කවුරුන් හෝ ඇසුවොත් තරුෂි ගත් කටටම කියන්නේ දක්ෂතම තරුව වෙන්නයි කියලයි. තරුෂි සෞභාග්‍යා පුංචි දෝණියේ, පුංචි ගීත කෝකිලාවියේ, දැන හෝ නොදැන ඔබ කියන දේ හරියට හරි. දක්ෂතම ගායිකාවක් වෙන්න. එවිට ඉබේටම ඔබ ජනප්‍රිය ගායිකාවක් බවට ද පත් වෙනවා නිසැකවම. පුංචි පියවර තබමින් ඔබ යන ඒ ගමන දෙස සුපසන් සවන් ඇති ශ්‍රීී ලාංකේය ජනතාව බලා සිටින්නේ ආසිරි මල් ඉසිමිනි.

* තරුෂිගේ උපන් දිනය නොවැම්බර් දෙවැනිදායි. ඔබත් තරුෂිට ලියන්න කැමැති නම් මෙන්න ලිපිනය. තරුෂි සෞභාග්‍යා, නො: 57, ඩී 13 ඇල, යාය 2, තිබොල්කැටිය, කොළඹගේආර, ඇඹිලිපිටිය. දුරකතන අංකය – 0713728268 http://www.sarasaviya.lk/2011/10/06/tharushi.jpg All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=260172.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.