Difference between revisions 272546 and 272548 on siwiki

[[ගොනුව:Stemberger japanese yew.jpg|500px|right|thumb]]
[[ගොනුව:Bonsai-kanji.png|230px|right|thumb|‘‘බොන්සායි’’ යන්න ජපන් බසින්]]

'''බොන්සායි''' වනාහී කලාත්මක රුක්රෝපණ ක්‍රමවේදයකි.කුඩා බන්දේසි ආකාරයේ හෝ ගැඹුරු බඳුන් තුළ අලංකාරය සඳහා රෝපණය කරනු ලබන කුරු පැල හෝ පඳුරු බොන්සයි නිර්මාණයන් වේ. එහි විශේෂත්වය වනුයේ ඒ සඳහා යොදාගනු ලබන විශේෂ බඳුනක සිටුවනු ලබන පැළයක අතු රිකිළි, කඳ, සහ මුල් කිසියම් කාලයක් මුලුල්ලේ කප්පාදු කිරීම, නැවීම හෝ බැඳීම වැනි බාහිර වෙනස්කම් ඉතා සූක්‍ෂම ලෙස සිදුකිරීම තුළින් අවශ්‍ය ස්වරූපයට කෘතිම ලෙස ගසක් සකස් කිරීමයි .සකසා අවසන් වූ බොන්සයි පැලයක් ඉතා ව(contracted; show full)* 19 වන සියවස
බොන්සායි කලාව පෙරදිග සිට අපරදිග ලොව පුරා ව්‍යාප්ත වී‍ම මෙම සියවස තුළ සිදුවේ. විශේෂයෙන් ජපානයට පැමිණි සංචාරකයින්ගේ මාර්ගයෙන් ජපානයයේ පැවති මෙම බොන්සායි කලාව වෙත ලෝකයේ අවධානය යොමු වීය. බටහිර ලෝකය තුලට බොන්සයි කලාව ව්‍යාප්තවීම මේ ඔස්සේ සිදුවේ. 


=== බටහිර ලෝකය තුල බොන්සායි ව්‍යාප්තවීම ===
[[ගොනුව:Evergeen bonsai in storage at the BBG, August 2, 2008.jpg|240px|right|thumb]]


ජපානයේ නිර්මාණය වූ බොන්සායි ආකෘතීන් විවිධ ප‍්‍රදර්ශනයන්හිදී විදේශික අවධානයට ලක්විනි. පැරිස් සහ වියානා නුවර පැවැත්වූ ලෝක මට්ටමේ ප‍්‍රදර්ශන තුලදී එලි දැක්වූ බොන්සායි නිර්මාණ විශාල වශයෙන් බටහිර ලෝකයේ අවධානය දිනගත් අතර එය ලොව පුරා මෙම කලාව ව්‍යාප්ත කිරීමට හේතු විය. බොන්සයි සඳහා වූ ඉල්ලුම වර්ධනය වීමත් සමග වාණිජ මට්ටමින් බොන්සයි නිර්මාණය කිරීමට ජපන් ජාතිකයින් යොමුව ඇත. ජපාන අභාසය සහිතව අපරදිග තුල මෙම කළාව ප‍්‍රචලිත වූ නමුදු මුල් අවධියේදී බටහිර ලෝකය තුල මෙම කළාවට එරෙහිවද කථිකාවත් ගොඩනැගුණි. බොන්සයි නිර්මාණයෙදී ස්වාභාවික පැලයක වර්ධනය සීමා කරවීමට සිදුකරනු ලබන වෙනස්කම් කෲර අන්දමේ කි‍්‍රයාවන් ලෙස හැඳින්වීමට බටහිර ජාතීන් යොමු වීම ඊට හේතු විය. එසේවූවද 1935 න් පසු මෙම මතය වෙනස් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ සිට පෙරලා පැමිණි සොල්දාදුවන් බොන්සයි නිර්මාණ තමන් සමග රැගෙන ආ බවද එම ශාක ඉක්මණින් විනාශ වී ගියද බටහිර ලෝකය තුල බොන්සයි කළාව සඳහා වූ උනන්දුව වර්ධනය කිරීමට එසේ රැගෙන ආ බොන්සයි නිර්මාණ හේතුවූ බවද වාර්තා වෙයි.[[ගොනුව:10382.jpg|200px|left|thumb]]





=== බොන්සායි කලාවේ වර්තමානය ===


වත්මන පෙරදිග සහ අපරදිග තුල පැතිර පවතින බොන්සායි කළාවේ වෙනස්කම් පවති. පෙරදිග රාජ්‍යයන් අතර එය වඩාත් සම්ප‍්‍රදායානුකූලව නිර්මාණ කරනයෙහි යොදවනු ලැබේ. වාණිජ මට්ටමින් බොනසයි නිර්මාණය කළද එය ගෞරවනීය වස්තුවක් ලෙස සළකනු ලැබේ. එසේම සම්ප‍්‍රදියක හැඩයන් සහ ස්වරූපයන් සහිත බොන්සයි නිර්මාණයට වැඩි නැඹුරුවක් දක්වයි. බටහිර රටවල්තුල මෙම කුරු පැළ රෝපණය බොහෝ සෙයින් උද්‍යාන අලංකරණයල ගෘහ අභ්‍යන්තර අලංකරණය උදෙසා යොදා ගැනේ. ඔවුන් ගසෙහි අලංකාරයට වැඩි අවධානයක් යොමු කරන අතරල මෙම බොන්සයි මූලධර්ම සාමාන්‍ය ගෙවතු වගා සඳහා ද යොදා ගැනීමට පෙළඹී ඇත.

== බොන්සායි වගාව ==

කිසියම් සෘතුවකට හෝ කාලයකට සීමා නොවී වසර මුළුල්ලේම පවතින ඕනෑම පඳුරු හෝ ශාක වීශේෂයන් බොන්සයි නිර්මාණය සඳහා යොදගත හැකිවේ. එසේම කිසියම් බඳුනකට සීමකර වැවීමේ හැකියාවද මුල් සහ කඳන් කප්පාදු කිරීමෙන් පසුවද බාධාවකින් තොරව වැඞීමේ හැකියාව සහිත ශාකයන් මේ සඳහා යෝග්‍යවේ. එසේවූවද සිහින් තුඩු වැනි පත‍්‍ර සහිත පයින් වර්ගයේ ශාක හා කුඩා පත‍්‍ර සහිත ශාක වර්ග මෙම නිර්මාණයන් සඳහා බහුලව භාවිතා වනුයේ මෙම කළාවට අවේනික කුඩා බවෙහි ලක්‍ෂණ එවන් ශාක පත‍්‍ර තුල පවතින බැවිනි. බොනසයි නිර්මාණයක කුරු ස්වරූපය සකසා ගනුයේ එය වැඞීමට අවශ්‍ය සාධක ක‍්‍රමානුකූලව පාලනය කිරීම තුළිනි. එසේම ශාකය අවශ්‍ය ස්වරූපයට සකස් කරීම සඳහා එම හැඩය පවත්වා ගැනීමට අවශ්‍ය අතු හැර අනෙකුත් අතු ක‍්‍රමානුකූලව කප්පාදු කරනු ලබයි. ගසේ මුල්ද හැකිතාක් කුඩා බදුනක ප‍්‍රමාණයට සීමා කරනු ලබන අතරල ඒ සඳහා ගසේ මුල් පද්ධතිය සියුම් ලෙස මට්ටම් කිරීම හෝ එහි වර්ධනයේ ප‍්‍රමාණයට උචිත බඳුන් තුල සිටුවීම තුලින් පාලනය කරනු ලබයි. බොන්සායි වගාව සඳහා විශේෂ නඩත්තු කිරීම අවශ්‍යවන අතරල එය සියුම් කළ යුතුවේ. කල්ගත වීමත් සමග එහි හැඩය වෙනස් නොවීමට එය කප්පාදු කිරීම හා මට්ටම් කිරීම කළ යුතුවේ.[[ගොනුව:California Juniper bonsai 220, October 10, 2008.jpg|200px|right|thumb]] 


බොන්සයි කළාවේදී කරනුයේ තරුණ ශාකයක සිදුකරනු ලබන වෙනස්කම් තුලින් එයට විශාල හා වයස්ගත ගසක ස්වරූපයක් ආරෝපණය කිරීමයි. මෙහි අරමුණු ලෙස එය වවන්නාට ලබා දෙන්නාවූ පුහුණුව, සංයමය හා එම කළාව ප‍්‍රගුණ කිරීමෙන් පසු උසස් කළා නිර්මාණයක් බිහි කිරීමෙන් යම් ආකාරයක ආත්ම තෘප්තියක් හිමිකර දීමද එය නරඹන්නාට ඒ තුළින් උසස් වින්දනයක් සහ ආස්වාදයක් ලබා දීමද තවදුරටත් ස්වභාවික සෞන්දර්යයට සමීපවීමට අවස්ථාවක්ද හිමිකර දෙයි.


බොන්සායි හි පවතින තවත් වැදගත් ලක්‍ෂණයක් නම් එය බෝග හෝ ඖෂධ නිෂ්පාදනය අරමුණ කර සිදු නොවීමයි. එසේම එය විශාල ප‍්‍රමාණයේ උද්‍යාන අලංකරණය සඳහාද සිදු නොවන්නෙකි. බොන්සයි ගසක් යනු කලාත්මක නිර්මාණයකි. එය පටු අරමුණක් සහිත නිර්මාණයකි. එනම් කුඩා බදුනක යම් හැඩයකට කුඩාවට සකස් කරගත් ශාකයක් එම ස්වරූපයෙන්ම අලංකාර ලෙස දිගුකල් පවත්වා ගැනීමයි.

== බොන්සායි වගාවේ වැදගත් අංග ==
[[ගොනුව:Bonsai-ajustment.jpg|200px|thumb|left]]

බොන්සායි නිර්මාණයේදී නිශ්චිත නීති මාලාවක් දැක්වීම අසීරු වූවද එහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු අංශ කිහිපයකි. 

=== ජල සම්පාදනය ===

නියමිත අන්දමින් පාලනය කළ ජල පරිමාවක් දවසේ නිශ්චිත වේලාවකදී ලබා දීම කළ යුතුය. දිනකට හෝ දෙකකට වරක් පසෙහි හා වාතාශ‍්‍රයෙහි තෙතමනය සළකා බලමින් ජල සැපයීම කළයුතු අතර ගසකට සපයන ජල ප‍්‍රමාණය එක් ගසකින් තවත් ගසකට වෙනස් විය හැකිය. 

=== පොහොර යෙදීම ===

පොහොර යෙදීමද ගසින් ගසට වෙනස් වේ. මල් හටගන්නා ශාකයකට වඩා පත‍්‍ර සහිත ශාකයක පොහොර අවශ්‍යතාවය වෙනස් වේ. එය නිසි පාලනයකින් යුතුව සැපයිය යුතුවේ. 

=== බඳුන් ගත කිරීම ===

බොන්සයි පැල එහි මුල් පද්ධතිය නිසි ලෙස සැකසෙන තෙක් වරින් වර එක් බඳුනකින් තවත් බඳුනකට මාරු කිරීම කළ යුතු වේ. කුඩා බඳනකට සීමා වූ මූල පද්ධතියක් තිබීම වැදගත් වූවද එය ගසෙහි වර්ධනයට හා ගසෙහි ප‍්‍රමාණයට අනුකූල විය යුතුය. එසේම බඳන එම මූල පද්ධතියට ප‍්‍රමාණවත් විය යුතුය. 

=== කප්පාදු කිරීම, මට්ටම් කිරීම හා ගස හැඩ කිරීම ===
	
බොන්සායි ගසක් කුඩා ස්වරූපයෙන් පවත්වා ගැනීමට කප්පාදු කිරීම හා මට්ටම් කිරීම වැදගත් වෙයි. ඒ සඳහා ගස සැකසීමට අවශ්‍ය හැඩයට අනුකූල නොවන කොටස් ක‍්‍රමානුකූලව කපා ඉවත් කිරීම සිදු කෙරේ. ගසේ ආරක්‍ෂාව පිණිස සියළුම කොටස් එකවර ඉවත් නොකරනු ලබයි. එසේම අවශ්‍ය හැඩයට අතු සකස් කිරීම සඳහා කම්බි මගින් අතු නවා බැඳීම කරනු ලබයි.

== බොන්සායි වගා කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ==



=== උපකරණ ===


[[ගොනුව:Bonsai tools.jpg|200px|thumb|left]]බොන්සායි වගා කිරිම හා ගස සකස් කිරිම සඳහා විවිධ උපකරණ භාවිත කරනු ලබයි. ගස් අතු, මුල් හා කඳන් කප්පාදු කිරීම සඳහා විවිධ පුමාණයේ කතුරු හා කියත් වර්ග ද, කොළ කප්පාදු කිරී‍මේ උපකරණ ද, මුල් හැඩ නිරීමේ උපකරණ ද, අතු සහ මුල් හැඩ ගැන්වීමේදී ඒවා නවා තැබීහ හා බැඳීම සඳහා නටු වර්ග හා කම්බි ද උපයෝගී කර ගනු ලබයි. තවද නම්බි කැපිමේ උපකරණ, කුඩා මුල්ලු හා රේක්ක ආදී උපකරණ ද හාවිතා කරනු ලබයි.




=== පස් සහ පොහොර ===

බොන්සායි සඳහා යොදා ගන්නා පස, විවිධ පාංශු කොටස් කිහිපයක එකතුවකි.රළු වැලි,බොරළු,පිළිස්සුණු මැටි කැබලි දිරාපත් වූ ශාක කොටස් ආදී ඓන්ද්‍රීය කොටස්හි සංයෝජනයක් වු මෙම මිශ්‍රණය තුළින් මුල් පද්ධතිය දරා සිටීමට හැකි ශක්තිමත් පදනමමක් සකසනු ලබයි.

=== බඳුන් ===

[[ගොනුව:Assorted bonsai pots.jpg|200px|thumb|left]]


බොන්සායි නිර්මාණයක් සකස් කිරීම සඳහා විශේෂිත බඳුන් යොදා ගනු ලබයි.පැළයෙහි වර්ධනයෙහි විවිධ අවස්ථාවන් හිදී උචිත ආකාරයේ බඳුනක සිටුවිය යුතුවේ.පැළයක මුල් අවස්ථාවේදී එය පුහුණු කිරීම සඳහා කුඩා බඳුන් යොදා ගන්නා අතර ක්‍රම ක්‍රමයෙන් එහි ප්‍රමාණයන් වෙනස් කෙරේ.සම්ප්‍රදායික බොන්සායි බඳුන් වීදුරු වලින් නිර්මාණය වූ ඒවා වුවද වත්මන විවිධ අමුද්‍රව්‍යගෙන් සාදන ලද බඳුන් උපයෝගී කර ගනී.සම්පූර්ණ බොන්සායි නිර්මාණයක් එහි හැඩය, ප්‍රමාණය,ස්වරූපය,වර්ණයට උචිත වන බඳුනක තැන්පත් කිරීම එහි අලංකාරය වැඩිකිරීමට හේතු වේ.







== බොන්සායි ආකෘතීන් සහ ප්‍රමාණයන් ==





=== ජනප්‍රිය බොන්සායි ආකෘතීන් ===



‍බොන්සායි නිර්මාණයක් සකස් කළ හැකි ආකෘතීන් කිහිපයක් වේ. ආරම්භයේදී එය ආකෘති 5ක් පමණක් වු අතර වත්මන එම සංඛ්‍යාව වර්ධනය වී තිබේ.
මේ අතර වඩාත් ජනප්‍රිය බොන්සායි ආකෘතීන් කිහිපයක් පහත දැක්වේ :

* විධිමත් සෘජු ශෛලිය
* අවිධිමත් සෘජු ශෛලිය
* කඩාහැලෙන ශෛලිය
* අර්ධ වශයෙන් කඩාහැලෙන ශෛලිය
* ආරණ්‍යයක ශෛලිය
* රුක් සමූහ ශෛලිය
* පහුරු ශෛලිය
* සුළඟින් නැමුණු ශෛලිය

<gallery>
Image:Bonsai streng aufrechte Form.svg|"විධිමත් සෘජු ආකෘතිය /Formal upright Style"
Image:Bonsai locker aufrechte Form.svg|''අවිධිමත් සෘජු ආකෘතිය/Informal upright Style"
Image:Bonsai Besen-Form.svg|''කොස්සක හැඩයේ ආකෘතිය/Broom Style"
Image:Bonsai geneigte Form.svg|'' ආනති ආකෘතිය/Slant Style"''
Image:Bonsai über-Felsen-Form.svg|''ගලක් මතින් විහිදුන මුලක ආකෘතිය/ Root over rock style"
Image:Bonsai Literaten-Form.svg|''ව්ද්වත්ආකෘතිය"/Literati style"
Image:Bonsai Halbkaskaden-Form.svg|''අර්ධ වශයෙන් කඩාහැලෙන ආකෘතිය/Semi-cascade style"
Image:Bonsai Kaskaden-Form.svg|''කඩාහැලෙන ආකෘතිය /Cascade style"
Image:Bonsai Doppelstamm-Form.svg|''සහළ කඳන් ආකෘතිය/Twin-trunk style"
Image:Bonsai Floss-Form.svg|''පහුරු ආකෘතිය/Raft style"
Image:Bonsai Wald-Form.svg|'' ආරණ්‍යයක ආකෘතිය/Forest style"
Image:Bonsai-auf-Felsen-Form.svg|''ගලක් තුළ වැඩෙන ආකෘතිය/Growing-in-a-rock style"
Image:Bonsai Wurzelstamm-Form.svg|''අනාවෘත මුලන ආකෘතිය/Exposed roots style"
Image:Bonsai windgepeitschte Form.svg|''සුළඟින් නැමුණු ආකෘතිය/Windswept style"
Image:Bonsai Bankan-Form.svg|''ඇඹරුණ ආකෘතිය/Bankan (''twisted'') style"
</gallery>


=== ප්‍රමාණයන් ===


{| class="wikitable"
 |-
 !'''බොන්සායි ප්‍රමාණය'''
 !'''උස දළ වශයෙන්'''
 |-
 |ඉතා කුඩා
 |අඟල් 1ත් 3ත් අතර 
 |-
 |කුඩා 
 |අඟල් 5ත් 7ත් අතර
 |-
 |මධ්‍යම 
 |අඟල් 16ක් පමණ 
 |-
 |මධ්‍යම සිට විශාල
 |අඟල් 16ත් 24ත් අතර
 |-
 |විශාල
 |අඟල් 47ක් පමණ
 |}

== අඩවියෙන් බැහැර පිටු ==
* [http://en.wikipedia.org/wiki/Bonsai Bonsai]
* [http://arnoldia.arboretum.harvard.edu/pdf/articles/1738.pdf An Informal History of Bonsai]
* [http://www.bonsai-bci.com/whatis.htm What is Bonsai]
* [http://www.celestialbonsai.com/history.html History of Bonsai]
* [http://www.bonsaisite.com The Bonsai Site]
* [http://www.ezilon.com/articles/articles/5503/1/The-History-of-the-Art-of-Bonsai The History of the Art of Bonsai]
* [http://www.bonsai4me.com/Basics/Basics_StylingForms.html Forms of Bonsai]



== පිංතූර ගැලරිය ==

බොන්සායි එකතූන් කිහිපයක්
<gallery>
 Image:Bonsai forest at the gardens of pagoda Yunyan Ta.jpg|චීන බොන්සායි එකතූවක්
 Image:Bonsaisyd.jpg|ජපන් බොන්සායි එකතූවක්
 Image:Bonsai storage at the Brooklyn Botanic Garden, August 2, 2008.jpg|බටහිර බොන්සායි එකතූවක්
 Image:BonsaiPA.jpg|කොරියානු බොන්සායි එකතූවක්
 Image:Bonsai Singapur.jpg|සිංගප්පූරු බොන්සායි එකතූවක්
 Image:B4d.JPG|එක්සත් රාජධානියෙහි බොන්සායි එකතූවක්
 Image:Shanghai bonsai. oldest.jpg|ලොව පැරණිතම  බොන්සායි නිර්මාණයක්
 Image:Elements-of-bonsai-basics0.jpg|මල් හටගන්නා බොන්සායි නිර්මාණයක් 
</gallery>
විවිධ ආකෘතීන්ගේ බොන්සායි නිර්මාණ
<gallery>
Image:bonsai_IMG_6398.jpg|ව්ද්වත්ආකෘතිය
Image:bonsai_IMG_6399.jpg|කොස්සක හැඩයේ ආකෘතිය
Image:bonsai_IMG_6400.jpg|අවිධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6402.jpg| කඩාහැලෙන ආකෘතිය
Image:bonsai_IMG_6403.jpg|අවිධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6404.jpg|විධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6405.jpg|සුළඟින් නැමුණු ආකෘතිය
Image:bonsai_IMG_6407.jpg|අවිධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6408.jpg|ආනති සහ කොස්සක හැඩයේ ආකෘතීන්
Image:bonsai_IMG_6412.jpg|අවිධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6413.jpg|ව්ද්වත්ආකෘතිය
Image:bonsai_IMG_6414.jpg|ආනති සහ කොස්සක හැඩයේ ආකෘතීන්
Image:bonsai_IMG_6420.jpg|ව්ද්වත්ආකෘතිය
Image:bonsai_IMG_6421.jpg|අවිධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6422.jpg|විධිමත් සෘජු ආකෘතිය
Image:bonsai_IMG_6424.jpg|සහළ කඳන් ආකෘතිය
Image:bonsai_IMG_6425.jpg|පහුරු ආකෘතිය
Image:bonsai_IMG_6426.jpg|ආනති ආකෘතිය
Image:bonsai_IMG_6427.jpg|ඇඹරුණ ආකෘතිය
Image:California Juniper, 1968-2007.jpg|අර්ධ වශයෙන් කඩාහැලෙන ආකෘතිය
 </gallery>
බොන්සායි පැළ සකස් කිරීම සඳහා අවශ්‍ය උපකරණ
 <gallery>
Image:Raffia fibers.jpg|අතු බැඳීම ස ඳහා යොදාගනු ලබන කෙඳි
Image:Akadama dry and wet.JPG|වි‍ශේෂිත පස්
Image:Akadama wet 2.jpg| පුහුණු බඳුනක සැකසෙන පැළයක්
Image:9-pcChromeRoll.jpg|කතුරු සහ කම්බි
 </gallery>