Difference between revisions 242312 and 242313 on siwikiලාංකේය සාහිත්‍යය ගොඩනඟන්නට ඔහු උත්සහ කරන්නේ ඔහුටම පමණක්ම වූ අපූරු කුසලතාවයකින් අනූන ශෛලියකිනි,සමිත බී අටුවබැන්දෑල කී පමණින්ම ඔහු ඔබට හුරුය,නවකථාකරණය,කෙටිකථා ,කාව්‍ය නිර්මාණ අතර නූතනයේ පළමුවෙන්ම කියවෙන නම් කිහිපය අතරැති විශිෂ්ඨ නාමයකි එය. (contracted; show full)ඒ අතින් මේ කවිය තනියට ගෙනියන්ට මිස්. මේ සංසාර මාවතේ එන තවත් රස පිරුණු අපූරු සිත්තමකි ...⏎ ⏎ දේවදත්තගේ ගාථා පහ ..(සංසාර මාවත) මුහුණ සමග නොව නුඹ වහන්සේ සමග තරහින් මම මගේ නහය කපා ගතිම් අපායෙන් චුත ව අද නුඹ වහන්සේ හොයාගෙන පිම්මේම ගල්විහාරෙට ආවෙම් නයිලෝන් මකුළු දැලක පැටලුණූ අතීතයක මතක මිස නුඹ වහන්සේ පුදන්නට මම තවම අලුත් ගාථාවක් හොයාගෙන නැතියෙම් ඇතා, වඳුරා මෙන් මීවඳ, උක්ඳඩු හොයාගෙන මේ පාරිලෙය්‍ය වනයට දන් පිණීස කොහොම මම ගෙනෙම් එක දවසක් නොව එදා සිටම මට ගල් පෙරළනා හෙයින් තවමත් ලෝකයම වෙනුවෙන් පිපුණ නුඹ වහන්සේට නොවඳින මේ අත් දෙක ඇත්තටම කොස් කොටන්ට ද ඉතිං මේ කවි අහුලාන මින් මතු ව උදේ හවස හැමදාම මම නුඹ වහන්සේට වඳිම් නූතන කාව්‍ය මාධ්‍යයේ පෙරගමන් කරුවා ලෙස බොහෝ විද්වත්හූ අර්ථ දක්වන්නේ සමිත අටුවබැන්දෑලයන් ය.කාව්‍ය ,කාව්‍ය ගෝචර කරවීමෙහිලා නූතන සමාජ ප්රස්තුත හරවත් ලෙසත් සෘජු ලෙසත් ගෙනහැර දැක්වීමේ සහජ කුසලතාවයෙන් අනූන සමිත අටුව බැන්දෑලයන්ගේ තවත් එවන් නිදසුනකි පහත දැක්වෙන වියමන..⏎ ⏎ ⏎ හිමිකාරියට..(සංසාර මාවත) හෙමින් පා තබ තබා හෙවණැල්ල සේ පිටුපසින් පැමිණෙනා හඬ දැනෙයි මට යන එන හැමතැන ම ඡායාවක් වගේ හදවත පුරා වැතිරී හිඳියි නුඹ ගමක නගරයක කාන්තාරයක ක්ෂේම භූමියක මුහුදු හතෙන් එහා නොදන්නා වෙන රටක මේ කොහේ හෝ තැනක නුඹ ඇත්තටම ජීවත් වෙනවා ඇති මේ දැනුත් සමහරවිට දැන් කන්තෝරුවක වැඩ කරනවා ඇති නුඹ ඉහින්කනින් වීර්යය වඩාගෙන කුස්සියේ යුධ දුම් මැද තිනිවෙලා ගම්මානයටම බතක් උයනවා ඇති. කාටවත් ම නෑසෙන්නට හොරෙන් අලුත් කවියක් නෙළාගෙන සමනළ තටු පිරිමදිනවා ඇති සෙමින්. අසනීපයක් හැදී අනේ ඇසේ මල්පෙති පියාගෙන රෝහලක දිගෑදී ඇති..... නුඹ හවස් වරුවේ ගහක් යට ඈඳිගෙන ඉන්න කොට ඈත අහසේ මුව පුරා රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති. කුරුල්ලන් ගී ගයා පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට මලක් ගෙල දිගු කර නටුවෙන් එබෙනවා පේනවා ඇති. දේදුන්නක් නැමී වැව් දියේ ළය අතගානවා දැනෙනවා ඇති. දෙපා මුල දැවටෙන මද පවන යාන්තමට අත්තටු සලන හඬ ඇහෙනවා ඇති. ගල්පරයක් උඩ වාඩිවෙලා ඔහේ තනි ව ම ඉන්න කොට මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති. කොහේ හිටියත් නුඹට සැබෑවටම මං ගැන මොකක් හරි හිතෙනවා ඇති. තවත් හැංගෙන්නේ මොකටද ඉතිං ඉන්න තැනකින් එළියට එනවාද අද හෙටම කඨෝර සමාජ යථාර්ථය පද පෙළට ගලපා නූතනය උඩුගම් බලා පිහිනවන කාලෝචිත මාතෘකා ගොන්නක එකතුවකි "සංසාර මාවත" කෙටිකථා ලොව කිරුළ දරන සමිත බී අටුවබැන්දෑලයන් විසින් රචිත කෙටිකථාද බොහෝ ප්රමාණයකි, All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=242313.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|